22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දරුවන්ට හා ගැබිණි කතුන්ට අහිතකර කොවිඩ් ප්‍රභේදයක්.

දරුවන්ට හා ගැබිණි කතුන්ට අහිතකර කොවිඩ් ප්‍රභේදයක්.

ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා පවසා සිටියේ, ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ල ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවය.

“ගැබිනියකට කොවිඩ් -19 හැදුණම එන ප්‍රශ්නය තමයි අපිට හැම බෙහෙතක්ම දෙන්න බෑ. බැරි දේවලුත් සමහර වෙලාවට කරන්න සිද්ධවෙලා තියෙනවා. එක්ස් රේ එහෙම බොහොම අඩුවෙන් කරන්නේ. දැන් ඒවත් කරන්න සිද්ධවෙලා තියෙනවා. මේක හැදුනහම ඉක්මනින් අමාරුවෙනවා. දැඩි සත්කාර ඒකකයට දාන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ගැබිනියක් ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳ.“

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා පවසා සිටියේ, කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ ද මරණාසන්න විය හැකි බවය.

මෙහිදී දරුවන්ගේ බහු ඉන්ද්‍රීයන් අකර්මණ්‍යතාවයකට පත්වන බව ද වෛද්‍යවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයකට හේතුව කුමක්දැයි මෙතෙක් තහවරු කර ගෙන නොමැති අතර එවැනි දරුවන් මරණාසන්න විය හැකි බවත් වෛද්‍ය කොග්ගලගේ මහතා කියා සිටියේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments