23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නව සංචරණ මාර්ගෝපදේශනයක් නිකුත් කෙරේ.

නව සංචරණ මාර්ගෝපදේශනයක් නිකුත් කෙරේ.

අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

එසේම හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා අඛණ්ඩව (මැයි 14, 15, 16)  රට පුරා ක්‍රියාත්මක වන පරිදි සංචරණය අත්හිටුවීමට ද කටයුතු කෙරිණි.

නමුත් සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවල තම කටයුතු සඳහා නිවෙසින් එක් සාමාජිකයෙක් ට පිටතට යා හැකිය.

සංචරණ සීමා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හි දී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව පොලීසිය පවසයි.

ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ නම් (0, 2, 4, 6, 8) ඉරට්ටේ දිනයකදී ද හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම් (1, 3, 5, 7, 9)  ඔත්තේ දිනයකදී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා එක් අයෙකුට පමණක් නිවසින් බැහැරට යා හැකිය. 

පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී පමණක් විදෙස්ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිත කළ හැකි බවය.

එනිසා රාජකාරී සඳහා හෝ වෙනත් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යෑමේදී සියලුම පුරවැසියන් හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“උදාහරණයක් ලෙස අද දිනය මැයි මාසයේ 12 වනදා. අද දිනයේ දී ගමන් කළ හැකි වන්නේ තමන්ගේ හැඳුනුම්පතේ අවසාන අංකය 2,4,6 හෝ 8 සඳහන්ව ඇති පුද්ලගයින්ට පමණයි. හෙට 13 වන දිනයේ දී ගමන් කළ හැකි වන්නේ හැඳුනුම්පතේ 1,3,5,7 හෝ 9 ඇති අයට පමණයි. බින්දුව නැමති අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙස සලකනවා. ඒ අනුව ඉරට්ටේ දිනයක් තියෙනවා නම් එවැනි අවස්ථාවක ගමන් කළ හැකියි.“

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පළාත් සීමා අතර ගමන් කිරීමට අවසර හිමි ව තිබේ.

ඒ අනුව අවසර හිමිවන අත්‍යවශ්‍ය සේවාවන්,

*සෞඛ්‍ය සේවා
*පොලීසිය හා ත්‍රිවිධ හමුදාව
*අත්‍යවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන්
*අත්‍යවශ්‍ය සැපයුම් බෙදාහරින්නන්
*අත්‍යවශ්‍ය සේවා සපයන්න් (උපයෝගිතා සේවා)
*පවුලේ ආසන්නතම සාමාජිකයෙකුගේ අවමංගල්‍යයක් සඳහා (තහවුරු කිරීම අනිවාර්ය වේ)
*විදේශගත වීම / විදේශයක සිට පැමිණීම් හෝ ආනයන / අපනයන කටයුතු සඳහා අවශ්‍ය සේවාවන් (තහවුරු කිරීම අනිවාර්ය වේ)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments