29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අයහපත් කලගුණ තත්ත්වය නිසා එකොළොස් දහසකට අධික පිරිසක් අසරණවී සිටිති.

අයහපත් කලගුණ තත්ත්වය නිසා එකොළොස් දහසකට අධික පිරිසක් අසරණවී සිටිති.

ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

“ටවුටේ” ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව, චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරුට ගමන් කර ඉදිරියේදී ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරයට ඇතුල්වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ හේතුවෙන් මෙරට කාලගුණය කෙරෙහි ඉන් ඇති කළ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බවය.

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අඩුවීමක්ද අද(15) බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව කියයි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කියා සිටින්නේ දිස්ත්‍රික්ක 06කට පනවා තිබු නායයෑම් අනතරු ඇඟවීමේ නිවේදන අද රාත්‍රී 7.00 දක්වා දීර්ඝ කරන බවයි. මේවනවිට අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 04ක් මියගොස් තිබේ. පවුල්2750කට අයත් පුද්ගලයින් 11,542ක් බලපෑමකට ලක්ව තිබේ.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අර්ධ නිවාස හානි 205ක් වාර්තා වන අතර පවුල් 42කට අයත් පුද්ගලයින් 175 දෙනකු ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංගා සහ මහ ඔය හා අත්තනගලු ඔය මේ වන විටත් පිටාර ගලමින් පවතින බවය.

කැලණි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැලුණු අධික වැසි සමග මේ වනවිට කැලණිය හා ඒ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී පවතී.

පෑලියගොඩ, කැලණිය, කොහිලවත්ත යන ප්‍රදේශවල නිවාස රැසක් ද ජලයෙන් යටවී තිබේ.

ගිං ඟග පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමත් සමග ප්‍රදේශවාසීන් දැඩි පිඩාවට පත්විය.

ගාල්ල දිස්ත්‍රික්කය මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවල ද ස්ථාන රැසක ජල ගැලීම් වාර්තා විය.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අද (15) දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments