ලොව ධනවත් රටවල් වයස අවුරුදු 18ට අඩු යෞවනයන්ට සහ දරුවන්ට කොරෝනා එන්නත් ලබාදීමට වඩා ඒවා අඩු අදායම්ලාභි රටවලට ලබාදෙන්නේ නම් වඩාත් සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩිනම් ග්‍රෙබ්රියේසස් පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ එලෙස වුවහොත් කොවැක්ස් වැඩසටහන වඩාත් සාර්ථවන බවයි.
ධනවත් රටවල් වැඩි වැඩියෙන් එන්නත් ඇනවුම් කිරීම නිසා අඩුඅදායම්ලාභි රටවලට කොරෝනා එන්නත් ලබාදීම ගැටලුවක්වී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.
මේ අතර ලොවපුරා කොරෝනා අසාදිතයින් දහසයකෝටි විසිපන් ලක්ෂ පහළොස්දහස් හයසිය හැටඑකක් දක්වා ඉහල ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තිස්තුන් ලක්ෂ හැත්තෑදහස් හයසිය හැටඅටක් ලෙසයි.
ගතවු පැය විසිහතර තුල ලොව වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඊයේ දිනයේ එරටින් මරණ 3879ක් සහ ආසාදිතයින් තුන්ලක්ෂ විසිහයදහස් එකසියවිසිතුනක් වාර්තාවිය.