29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආණ්ඩුවේ එන්නත් කරළ වැඩපිළිවෙල ගැන සෑහිමකට පත්වෙන්න පුළුවන් කාටද? ආචාර්ය හර්ෂ ද...

ආණ්ඩුවේ එන්නත් කරළ වැඩපිළිවෙල ගැන සෑහිමකට පත්වෙන්න පුළුවන් කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා

කොරෝනා වසංගතයක් තිබෙන විට අපේ රටේ %1කට ප්‍රමාණයටයි එන්නත් ලබා දී තිබෙන්නේ එය පලමු මාත්‍රාව ලක්ෂ 9කට ආසන්න පිරිසක් ⁣මාත්‍රා දෙකම ලබා දී තිබෙන්නේ 230000කට ආසන්න පිරිසක් සියල්ලටම එන්නත දෙනව කියපු ආණ්ඩුව දසඅතේ කල්පනා කරනවා යැයි සමගි ජන බලවේග පක්ෂයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධය හමුවකදී අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……….
අද ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත ලක්ෂ 6කට ලැබී නැහැ බොහෝ අය අද කනස්සල්ලෙන් ඉන්නේ ආණ්ඩුවේ අයගේ විවිධ මත තිබෙනවා ඇමතිවරු එය මික්ස් කර ලබා දෙන්න හදනවා එහිදී වෛද්‍යවරුන් බැහැ කියනවා අසරණ ජනතාව බයෙන් ඉන්නවා මොකද වෙන්නේ කියලා දිනකට 25කට ආසන්න මියයනවා 2500කට ආසන්න රෝගින් වෙනවා දිනෙන් දින වැඩි වෙන කොවිඩ් අවධානමට ආණ්ඩුව වගකිවයුතුයි සම්පූර්ණ වගකීම් රහිතවයි කටයුතු කරන්නේ එය දේශපාලන නොකරන අයටත් පේනවා

අපි උදාහරණ⁣ට බ්‍රසීලය ගමු ඒ රටේ කෝවිඩ් පිලිබදව 11 දෙනෙක් ගෙන් යුත් විමර්ශනය කරන්න කමිටුවක් පත් කරලා එහිදී එම කමිටුව හොයන්නේ මොකක්ද රටට උනේ කියලා කීයක් මරණයට පත් වුනාද එහි වරද කාගෙද කවුද වගකියන්නේ කියලා ජනාධිපති වගකිවයුතුයි ද එසේ සොයා එම අයට දෝෂාභියෝගයක් ගේනන කටයුතු කරලා ඒ රටත් මුලදී වහන්න කිව්වම හිනා වෙලා එය අඩන්න ඕන දෙයක් නෙමේ උණක් විතරයි කිව්වා පසුව විද්‍යාව වෙනුවට මිත්‍යා වෙන් කටයුතු කරලා කෝවිඩ් කිට් කියලා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරලා එහිදී සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කර නැති සෞඛ්‍ය නියාමන නොකරපු බෙහෙත් ලබා දෙමු කිව්වා පසුව සෞඛ්‍ය ඇමති කිව්වම එසේ කරන්න එපා කියලා ඇමති ඉවත් කරා එයට සේවය කරමින් මේජර් ජනරාල් වරයෙක් පත් කරා එය සෞඛ්‍ය ඇමති විදියටයි එතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මට ජනාධිපති කියන ඕන දෙයක් කරනවා කිව්වා දිගින් දිගටම කොරෝනා වැඩි වුනා ⁣පසුගියදා විමර්ශන කමිටුවේ සක්ෂි දෙමින් කිව්වා පයිසර් ආයතනයේ විධායක නිළධාරි වරයා අපි බ්‍රසීලයට අවශ්‍ය මාත්‍රා ⁣ලබා දෙන්න කටයුතු කරා අඩුම ගානේ ලිපියට පිලිතුරක් වත් එවලා නැහැ කියලා මේ අය අවශ්‍ය එන්නත් ලබා ගෙන නැහැ පසුව විශාල වශයෙන් කොරෝනා පාලනය කඩා වැටුනා ලක්ෂ 4කට ආසන්න මියගියා දැන් කරගන්න දෙයක් නැතුව වෙන සෞඛ්‍ය ඇමති කෙනෙක් පත් කරලා ඔහු විශේෂඥය ⁣වෛද්‍ය වරයෙක් දැන් විමර්ශන කමිටුවෙන් සොයන්නේ පාලනය කර ආකාරය කවුද තීරණ ගත්තේ ඇයි එන්නත පරක්කු වුනේ කොහොමද එන්නත් ලබා දුන්නේ ඇයි මුලින් එන්නත් එපා කිව්වේ යන සියල්ල හොයන්න තමයි කමිටුව දලා තියෙනවා අද ලංකාවත් ඒ වගේ මුලින් හිනා වුනා මොකටද රට වහන්නේ කිව්වා පසුව බ්‍රසීලය වගේම නෑ විද්‍යාව නෙමෙයි මිත්‍යාව කිව්වා මුට්ටි දැම්මා පැණි බිව්වා රජයේ ඇමතිවරු එය මාකර්ට් කරා එ රට වගේම සෞඛ්‍ය ඇමතිවරු හතරක් ඉන්නවා එ රට වා⁣ගේ හමුදාවේ අයෙක් දාලා රටම පාලනය කරන්න නමුත් බ්‍රසිලයටත් වඩා අඩුවෙන් තමයි අපේ රට එන්නත් කර තිබෙන්නේ වෙන දේ මිනිස්සු දන්නේ නැහැ ආණ්ඩුව කියනවා බය වෙන්න එපා කියලා .මේ පිලිබදව වෛද්‍ය රනන්එළිය ඩේලි මිරර් පුවත්පත්ට මාධ්‍ය සාකච්ඡාවක් තියා කියනවා එංගලන්ත බී 117 ප්‍රභේදය ආණ්ඩුව අප්‍රෙල් 08 හොයාගත්තා කිව්වමට එය සත්‍ය නොවේ එම ප්‍රභේදය සොයා ගත්තේ පෙබරවාරි 9 බව එහිදී ඔහු රජයේ සියලු වගකිවයුතු නිළධාරින්ට අනතුරු අගවා තිබෙනවා නමුත් රජය පියවරක් ගෙන නැහැ පෙර තිබූ ප්‍රභේදයට වඩා 43/90 දක්වා පැතීරීමක් තිබෙනවා මේ අකාරයට රෝගින් සීග්‍රයෙන් ඉහල යන්න හේතුව එය බව ඔහු කියනවා ඔහු ඊට එහා දෙයක් කියනවා එය පාස්කු ප්‍රහාරයේ දී විමර්ශනයේදී බුද්ධි අංශ කර අනතුරු ඇගවීම් එවකට බලයේ සිටි පුද්ගලයන් එය නොසලකා හැරිය නිසා ජීවිත 270ක් නැති වුනා ඔහු අහනවා මේ අනතුරු ඇගවීම පෙබරවාරි 9 කරත් අයි වගකිවයුතු අය පිලිගත්තේ නැත්තේ කියලා එම නිසා අද ජීවිත කීයක් අනතුරේ ද කියලා වගකීම් විරහිත ආකාරයටයි රජය කටයුතු කරන්නේ අපි අහනවා කළමනාකරණය පිලිබදව කවුද වගකිවයුත්තා කියලා රජය අවශ්‍ය වෙලාවට පියවර ගත්තේ නැහැ සමගි ජන බලවේගය වගකියන විපක්ෂය විදියට අද කටයුතු කරමින් යනවා අපි කියනවා එදා ආපදා කළමනාකරණ පනත යටතේ වගකීවයුතු කමිටුවක් පත්කර ආකාරයට කමිටුවක් පත් කරන ලෙස .

අද ආර්ථික කළමනාකරණය කරන්නේ කවුද රට වහලා දමලා දඹුල්ලේ ගොවියෝ අනාත වෙලා දඹුල්ලට එළවළු ගෙනාවට එලියට ලොරි යන්නේ නැහැ ගොවි ජනතාවට එළවළු ටික විකුණගන්න බැරි වෙලා කවුද මේවා කළමනාකරණය කරන්නේ ඒ සදහා ජනාධිපතිවරයා සහෝදරයෙක් පත් කරා එතුමා රටෙත් නැහැ එහිදී කවුද ඒ වෙනුවට වගකියන්නේ .බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා මට බඩු මල්ල දෙන්න ලෑස්ති කරන්න කියලා දැන් එතුමා රටින් පිටවෙලා එහිදී කවුද මේවට වගකියන්නේ නැවතත් කියනවා සියළු දේශපාලන පක්ෂ එකතු කර විශේෂ කමිටුවක් පත් කර අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරන්න කියලා .අද වැඩි වෙන රෝගින්ට ඇදන් හදන එක නෙමෙයි රෝගින් නැති කිරීමයි කරයුත්තේ .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments