26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මැයි 31 දක්වා රාත්‍රී 11 සිට අලුයම 4.00 දක්වා සංචරණ සීමා පැනවීම...

මැයි 31 දක්වා රාත්‍රී 11 සිට අලුයම 4.00 දක්වා සංචරණ සීමා පැනවීම ක්‍රියාත්මකයි.

හෙට අලුයම 4.00ට සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31වන දින දක්වා දෛනිකව රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමක් සිදුවන අතර පළාත් අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට (17) හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණකි.

මේ අතර සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට පුද්ගලයන් 306 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9,588කි.

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14කදී පොලීසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1,826ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3,525ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42ක පැමිණි පුද්ගලයන් 92ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments