බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දි හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කළේය.
1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කර තිබේ.
මෙම අරමුදලේ නව සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පත්කර ඇති අතර හින්දු සංස්කෘතික අරමුදල ඒ මහතා ඇතුළු සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුතු පාලක මණ්ඩලයකින් සමන්විතය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමාමහේෂ්වරන් සහ සහකාර අධ්‍යක්ෂ කේ. හේමලොජිනි මහත්ම මහත්මීන් මෙම අරමුදලට නිල බලයෙන් පත්වේ.
මෙයට අමතරව හිටපු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශාන්ති නාවුක්කරසන් මහත්මිය, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලේ භාරකාර මණ්ඩලයේ සභාපති පී. සුන්දරලිංගම්, ජින්දුපිට්ටි ශ්‍රී සිවසුබ්‍රමනියම් ස්වාමි දේවාලයේ භාරකාර මණ්ඩලයේ ලේකම් ජී.වී. සුබ්‍රමනියම්, ව්‍යවසායක දේශමාන්‍ය දුරේසාමි විග්නේශ්වරන් සහ ඒ.බී.ජෙයරාජ් මහත්ම මහත්මියන් අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලදි.