21.9 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ කරයි.

දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ කරයි.

කොවිඩ් රෝගීන්ට පිහිට වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක වූ දින 10න් ඇඳන් 10000ක් ව්‍යපෘතිය සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ සමත්වූහ.

ව්‍යාපෘතියේ ඉලක්ක සපුරාලීමට ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය පෙරමුණ ගත් අතර ඊට රාජ්‍ය ආයතන හා විවිධ ස්වෙච්ඡා සංවිධාන පුළුල් දායකත්වයක් ලබා දුන්නේය.

දින 10න් ඇඳන් 10000ක් ව්යායපෘතිය පසුගිය 07 වැනිදා ආරම්භ වූ අතර අද වනවිට එම ඉලක්කය පසුකර යමින් අලුතින් ඇඳන් 16000ක් පමණ සකස් කිරීමට සමත් වී තිබේ.

ඇඳන් සකස් කිරීම කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාරයක්දැයි ඇතමෙක් ප්‍රශ්න කළ අතර තරුණ තරුණියෝ මෙම ජාතික සද් කාර්යයට ස්වෙච්ඡාවෙන් සම්බන්ධ වූයේ පක්ෂ පාට භේද නොමැතිව මෙම වසංගතයෙන් පීඩා විඳින ජනතාවට පහසුකම් සැපයීම වෙනුවෙනි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ඔස්සේ බොහෝ රෝහල්වල අලුත් වැඩියා කටයුතු සඳහා ද තරුණ තරුණියන් යොමු වී ඇති අතර පහසුකම් සහිත අතිරේක වාට්ටු සංකීර්ණ 13ක් අලුතින් රෝහල්වලට එක් වී තිබේ.

ඇඳන් ඉලක්කය සම්පූර්ණ කළ ද මෙම සද් කාර්යය අඛන්ඩව පවත්වාගෙන යන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටපුරා විසිරී සිටින මනුසත්කම පෙරදැරිකරගත් තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments