26.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ආණ්ඩුවේ ගිලන් රථ වියදම ගැන විපක්ෂයෙන් චෝදනා.

ආණ්ඩුවේ ගිලන් රථ වියදම ගැන විපක්ෂයෙන් චෝදනා.

ගිලන් රථ 10ක් ගෙන්වීම සඳහා කොවිඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ රුපියල් කෝටි 19කට අධික මුදලක් යෙදවීම සැකයට තුඩු දෙන බව විපක්ෂය පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ රජය වහාම මෙය රටට පැහැදිලි කළ යුතු බවය.

කොවිඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ වියදම් පිළිබඳව පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළේය.

ගිලන් රථ 10ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 19 කෝටි 40 ලක්ෂයක මුදලක් එම අරමුදලෙන් ගෙවීමට ඇති බව එහි සඳහන් කර තිබුණි.

ඒ අනුව එක් ගිලන් රථයක් සඳහා රුපියල් ලක්ෂ 194 ක් වැනි මුදලක් රජය දරන බවත් ගිලන් රථයක් වෙනුවෙන් එතරම් විශාල මුදලක් දැරීම සැකයට තුඩු දෙන බවත් විපක්ෂය පැවසීය.

“මම දන්නේ නෑ මේවා මොනවගේ ගිලන් රථ ද කියලා. සුව සැරියේ සියලු පහසුකම් තිබුණා. මේවයේ ඊට වැඩිය විශාල පහසුකම් තියෙනවා ද?” යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

“නෑ, හංගන්න කිසිදෙයක් නෑ. ඒ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු දීලා තියෙනවා,” යැයි ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments