මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ සහ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ ව මහජනතාවට ද අදහස් ලබාදීමට මාසයක කාලයක් ලබාදීමට මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ නීතිවල අඩුපාඩුකම් හඳුනාගැනීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (17) පළමුවරට පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.
එහි සභාපති ලෙස පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කරයි.