29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දුම්පානය හේතුවෙන් දිනකට ලංකාවේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මියයනවා.

දුම්පානය හේතුවෙන් දිනකට ලංකාවේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මියයනවා.

මෙවර දුම්වැටි නිවාරණ දිනයේ තේමාව “දුම්පානය නවත්වමු“ යන්නය.

දුම්පානය හේතුවෙන් දිනකට ලංකාවේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මියයන බවත් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ මෙරට පුද්ගලයින්ගෙන් සියයට 48ක් දුම්පානය නවතා දමා ඇති බවත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව
මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවක් බව පෙන්වා දෙන ඒ මහතා දුම්පානය අතහැර දැමූ පුද්ගලයින්ගෙන් සියයට 50ක් පමණ යළිත් දුම්පානය නොකරන බවට ප්‍රකාශ කර ඇති බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ඒ මහතා මෙසේද කීයා සිටියි. කොවිඩ් වසංගත තත්ත්වයට දුම්පානය ඍජු බලපෑම් එල්ලකරනවා.

එහිදී දුම්පානය කරන්නන් ට කොවිඩ් වැළඳීමට තිබෙන අවදානම වැඩියි. කොවිඩ් ආසාදනය වීමේ දී දුම්පානය කරන පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට දරුණු බලපෑම් එල්ල කිරීමටත් වැඩි හැකියාවක් පවතිනවා.
දුම්පානය හේතුවෙන් දිනකට ලංකාවේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මියයන බවත් පැවසු ඒ මහතා, මේ මොහොතේ සිට හෝ දුම්පානය නැවැත්වීම තම ජීවිතය රැක ගැනීමට අවස්ථාවක් වන බවත් කියා සිටියේය.

දුම්පානය අවම වී යන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා. දුම්පානය වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.

“ගිය වසර 10 ඇතුළත දුම්පානය සියයට 40 – 50ත් අතර ප්‍රමාණයක් අඩුවී ඇති බව පෙන්වා. ගිය වසර සමඟ මේ වසර සැසඳීමේ දී සියයට 12කට ආසන්න ප්‍රමාණයකින් දුම්පානය අවම වී තිබෙනවා. මේ යන ගමන තවත් ශක්තිමත් කර ගැනීමට කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තනිව අලෙවි කරන දුම්වැටි භාවිතය තහනම් කළ යුතුයි. සිගරට් පැකට් විදියට අලෙවි කළ යුතුයි. එවිට මිල දී ගැනීමේ හැකියාව අඩුවෙනවා. එමෙන් ම අධ්‍යාපන ආයතනය සිට මීටර් 100ක් ඇතුළත දුම්වැටි අලෙවිය තහනම් කිරීමට යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා ඒ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුයි.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments