එක්ස්ප්‍රස්-පර්ල් නෞකාව ශ්‍රීලංකා මුහුදු සීමාව තුළ ගිනි ගැනීමට ලක් වීමත් සමඟ මෙරට ලුණු කර්මාන්තයට දැඩි අර්බුද ඇති වන බවට සමාජය පුරා පැතිර යන කතිකාවත හමුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදනකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(01) වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින්ය. එහිදි වැඩදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය………සාවද්‍ය ලෙස ලුණු හිඟයක් මවාපාමින් විවිධ පාර්ශ්වයන් විසින් ලුණු මිළ ඉහළ නැංවීමට මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සමාජගත කිරීමට උත්සාහ දරණ නමුත් එවන් මතවාදයක් තුළින් හෝජනතාව අපහසුතාවයට පත් කිරීමට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ. හිඟයකින් තොරව ඉදිරි වසරක් සඳහා මෙරට පරිභෝජනයට අවශ්‍ය ලුණු ප්‍රමාණය රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සතුව පවතිනවා. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සමඟ එක්ව ඉදිරි වසරක් සඳහා ලුණු මිළ පහත හෙළමින් අද දින සිට, කැට ලුණු කිලෝග්‍රෑම් 01ක් රු.43/=ක මිළටත්, ලුණු කුඩු ග්‍රෑම් 400ක් රු.35/=ක මිළටත් සතොස හරහා පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා තිබෙනවා.
ඒ අනුව මෙරට පාරිභෝජනයට අවශ්‍ය ධාරිතාවයට වඩා අතිරික්ත ලුණු ප්‍රමාණයක් හා පාරිභෝජනයට සුදුසු ලුණු නිෂ්පාදන ක්‍රියාවලියක් පවතින වාතාවරණයක් තුළ විවිධ පාර්ශ්වයන් විසින් ගෙනයන මතවාදයන්ගේ කිසිදු සත්‍යතාවයක් නොමැත.
මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටි පුත්තලම් ලුණු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සුනිමල් ආරියසේන මහතා මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ඉදිරි වසරකට ප්‍ර මාණාවත් වන ලුණු රට තුළ පවත්නා බවත්, මීට අමතරව තවත් වසරක් සඳහා ලුණු නිෂ්පාදනයට අවශ්‍ය වන මුහුදු ජලය මේ වන විට උක්ත ක්‍රියාවලිය සඳහා භාජනය කෙරෙමින් පවතින බවයි. මතවාදයට තුඩු දුන් එක්ස්ප්‍රස්-පර්ල් නෞකාව විනාශ වීම හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීමක් කිසිසේත් සිදු නොවන බව අවධාරණය කළ සාමාන්‍යාධිකාරීවරයා, ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය අවම වශයෙන් මාස 06ක් ඉක්මවන ක්‍රියාවලියක් වන බවත් ඒ අනුව මුහුදු ජලය නිසි ලෙස පිරිපහදුවෙන් පසුව ලුණු නිෂ්පාදන කෙරෙන බැවින් ඉදිරියේදී ද පාරිභෝජනයට සුදුසු ගුණාත්මක බවින් ඉහළ ලුණු නිෂ්පාදනය කිරීම බාධාවකින් තොරව සිදු කෙරෙන බව කීවේය.
මෙහිදී පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදකයින් විසින් ද උක්ත කරුණු තහවුරු කරන ලද අතර ඉදිරි වසරක් සඳහා මෙරට පරිභෝජනයට අවශ්‍ය ලුණු ධාරිතාවය ඉක්මවන ලුණු ධාරිතාවයක් පවත්නා බවට කරුණු ඉදිරිපත්වූහ..
මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, සතොස සභාපති, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, පුත්තලම් ලුණු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, පෞද්ගලික ලුණු නිෂ්පාදකයින් සසහභාගී වී සිටියහ.