- සේවාදායකයන් ට වැටුප් ගෙවා නැහැ.
- වැඩට නොපැමිණිය හොත් වැටුප් නැහැ .
- වැඩට එන්න ගමන්
කරන්න බස් නැහැ. - අඩු පඩි නිසා ආදායම වැඩි කර ගත්තෙ ඕවර්ටයිම් කරලා. දැන් ඒව නැහැ.
- ඉස්සර දවල් කෑම වේල දුන්න ආයතන දැන් කේටරින් සර්විස් එකේ අයට කොවිඩ් කියල කෑම වේල තේ වේල නවත්වලා. අමතර වියදමක් දරන්න වෙලා.
- සවස 6.00 ට තේ වේල දෙන තැන්වල 5.55 ට ඕෆ් කරල සේවාදායකයන් ගෙදර යවනවා. !
- ගැබිණි මව්වරුන්ටත් හැමදාම සුපුරුදු විදියට වැඩට එන්න කියනවා.
- PCR පරීක්ෂණ කරන එක අහඹු ලෙස කරලා වෘත්තිය සමිති කටයුතුවල යෙදෙන සමහරුන් ගෙදර යවනවා පොසිටිව් කියලා.
- මාස්ක් තමන්ම සල්ලිදීල ගන්න වෙලා, රජය විසින් නියම කර ඇති සෞඛ්‍යය පහසුකම් නැත. ඒ අනුව සේවාදායකයන්ට අමතර වියදමක් දරන්න වෙලා
- සමහර ප්‍රවාහන සපයන ආයතනවල එක් ප්‍රදේශයක අඩු සේවාදායකයන් කියල ප්‍රවාහන පහසුකම් නවත්වලා. ඒ පලාතේ අය ඔවුන්ම ප්‍රවාහනය සපයා ගත යුතු නිසා අමතරව වියදම් කරන්න වෙලා.
- වැටුප් වැඩිවීම්, උත්සව අත්තිකාරම් ගෙවිම් නොකරපු ආයතන සිය ගානක්.
- ඔන්ලයින් පාසල් පාඩම් සඳහා දරුවන් වෙනුවෙන් අමතර වියදම් දරන්න සිදුවෙලා.
- කම්කරු උසාවිවල නඩු මාස ගනන් කල් දානවා.
- මේවා ගැන කතා කරන්න තියෙන ජාතික කම්කරු උපදේශක සභාව මාර්තු මාසෙ ඉඳල රැස්වීම් නැහැ.
- කම්කරු කාර්‍ය් සාධක බලකාය මාර්තු සිට රැස්වී නැහැ.
මෙම කමිටු නිල වශයෙන් පත්කර තිබෙන කමිටු මේ වැනි කරුණු මතු කිරීමට ඇති එකම ස්ථානයයි.
මා මේවා පිලිබඳව කම්කරු ඇමතිවරයා ටත්, කොමසාරිස් වරයාටත් ලිපි ලිව්වා. උත්තර නැත. මම කම්කරු කොමසාරිස් වරයාට කතා කල විට කිව්වේ මැයි 30 වනතුරු හමුවෙන්න අපහසු බවයි.
වැඩ කරන ජනතාවට මේවාට විරුද්ධව වෘත්තිය සමිති ක්‍රියා ගැනීමට කිසිම අවස්ථාවක් මේ අසතුටුදායක අවස්ථාවේ නැත.
ජනතාව ට අනවශ්‍ය අනිත් දේවල් කිරීමට රජයට හැකි
නමුත් වැඩකරන ජනතා ප්‍රශ්න ගැන කතා කිරිමට රැස්වීම් තහනම් කිරීම ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත.
ඇයි මේ. ????
මේ අතර රජය විසින් නිකුත් කරනු ලබන සංචාරණ සීමාවන් පිළිබඳව පරස්පර විරෝධී ප්‍රකාශනයන් නිසා වැඩකරන ජනතාව බලවත් අපහසුවට පත් වී සිටිති.
අත්‍යවශ්‍ය සේවා පමණක් සේවයට වාර්තා කළ යුතු බව කියන අතර ඇඟලුම් කර්මාන්ත කම්කරුවන් වැඩට පැමිණිය යුතු බවද කියති ???
වැඩට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයන්නේ නොමැතිනම් කෙසේ වැඩට පැමිණිය හැකිද හැකිද? යන ප්‍රශ්නය පාලකයන් සමඟ අදාල ශාඛා ලිඛිතව මතු කළ යුතුය.
පිටපත් ඉදිරි කටයුතු සඳහා මා වෙත එවිය යුතුය.
මා විසින් විටින් විට ශාඛාවන් කතා කරන විට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව යම් යම් උපදෙස් දී ඇත.
පාලකයන් සමඟ වාචිත වාද විවාද වලට නොව ශාඛා ඉල්ලීම් හෝ තීරණ ලිඛිතව පල පක්ෂ වෙන, ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු අතර මා වෙත පිටපතක් එවිය යුතුය .
අද අප සංගමයට අයත් ආයතන පාලකයන් දෙදෙනෙක් කතා කර කියා සිටියේ සේවාදායකයන් වැඩට පැමිණෙන්නේ නැත්නම් වැටුප් ගෙවීමට නොහැකි බවත්, නිෂ්පාදනය ඇනහිට තිබේ නම්,
වර්ෂාවසාන දීමනා සහ වෙනත් දීමනාවන් පිළිබඳව ගෙවීම් කිරීමට අපහසු තත්ත්වයක් මතු වෙන බවත්ය.
පවතින වාතාවරණය අනුව වසංගතයෙන්, අප ආරක්ෂා වීමට කටයුතු කරන අතර, ආයතනය ප්‍රවාහන හා සෞඛ්‍ය පහසුකම් සපයන්නේ අවදානමකින් තොරව වැඩට වාර්තා කිරීමට උත්සාහ කිරීම සියලු දෙනාගේම වගකීමකි. එය රැකියාව පමණක් නොව මෙරට ආර්ථිකය පිළිබඳව අපට තිබෙන වගකීම අනුවය.
මේ පිලිබඳව සාකච්ඡා කිරීමට ඉක්මනින් සියලු වෘත්තිය සමිති කැඳවීමට මා කටයුතු කරන්නට උත්සාහ කරමි.
.