ඔන්ලයින් ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන් සඳහා සුපිරි වෙළෙඳ සැල වලින් මත්පැන් පැන් මිලදී ගැනීම සදහා මුදල් අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.
එම යෝජනාව සදහා මුදල් අමාත්‍යංශයෙන් අවසර ලැබී ඇති අතර ඒ අනුව කොන්දේසි සහිතව නියාමන වැඩසටහනක් ලෙස මෙය සිදු කරයි.
විවිධ පාර්ශව වලින් ඒ සඳහා ලැබී ඇති ඉල්ලීම් අනුව අදාළ නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සදහා ඉදිරිපත් කරන ලද සුරාබදු කොමසාරිස්වරයා පවසයි.
සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී බොහෝ පිරිස් තම නිවෙස් වල මත් පැන් පෙරීමට පටන් ගෙන තිබීමත් රජයට දිගුකාලීනව බදු ආදායම් අහිමි වීමේ අවදානමක් ඇති නිසාත් මෙම අවසර ඉල්ලූ බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.