29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජල සම්පාදන මණ්ඩලයේ අනියම්, කොන්ත්‍රාත්, මෑන්පවර් සේවකයින් සඳහා සේවා ස්ථිරත්වය...

ජල සම්පාදන මණ්ඩලයේ අනියම්, කොන්ත්‍රාත්, මෑන්පවර් සේවකයින් සඳහා සේවා ස්ථිරත්වය ලබාදීමට යයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවයේ නිරතව සිටින අනියම්, කොන්ත්‍රාත්, මෑන්පවර් යන පදනම් යටතේ වසර පහකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව සේවයේ සිටින සේවකයින් සඳහා සේවා ස්ථිරත්වය ලබාදීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඉදිරි කාලයේ දී වඩා ප්‍රමුඛතාවක් දී කටයුතු කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යාංශයේ සූම් තාක්ෂණය ඔස්සේ ඉකුත්දින පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යතුමා මෙම අදහස් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ… මෙම සේවකයින් සඳහා සේවා ස්ථිරත්වය ලබාදීම වෙනුවෙන් දැනට මණ්ඩලයේ පවතින සේවා පුරප්පාඩු සංඛ්‍යාව, ඒ අනුව සේවක හා වැටුප් කොමිෂන් සභාවේ අනුමැතිය මෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ද අප විසින් ලබාගත යුතුව ඇති අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන බවත් කිසිදු සේවකයෙකුට අසාධාරණයක් නොවන පරිදි මෙම සේවා ස්ථිරත්වය ලබාදීමට පියවර ගන්නා බවයි.

වර්ෂ 2025 සැමට පානීය ජලය ලබාදීමේ යෝධ ක්‍රියාන්විතයේ දී දිවයින පුරා විවිධ වූ ව්‍යාපෘති අති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට අපට සිදුවී ඇත. එහිදී විශාල සේවක පිරිසකගේ සහභාගීත්වය අනිවාර්යයෙන් අවශ්‍ය වේ. එසේම අපගේ ඉදිරි සැලසුම් අනුව මෙම ව්‍යාපෘති වැඩි ප්‍රමාණයක් දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් ඉටුකිරීමට අදහස් කරන නිසා එහිදී ද විශාල සේවක අවශ්‍යතාවක් පැන නඟින බැවින් අලුතින් සේවකයින් බඳවාගැනීමට ප්‍රථම වසර පහකට වඩා වැඩි සේවා කාලයක් හිමි සේවකයින් සඳහා වඩා වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා පැහැදිලි කළේය.

මෙම දැවැන්ත ක්‍රියාන්විතයේ ඇති සුවිශේෂතාවය වන්නේ සැමට ජලය ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී නව ජල සම්බන්ධතා වැඩිවීම මත පිරිපහදු මධ්‍යස්ථාන, ජල තුලුමුව ස්ථාන, ජල සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන, නඩත්තු කාර්යය මණ්ඩල හා පාරිභෝගික කටයුතු ආශ්‍රිත පිරිස් වැනි විවිධ අංශයන්ගේ සේවා වැඩිවීම මත අනිවාර්යයයෙන්ම ස්ථිර කාර්යය මණ්ඩලයන් හි වැඩිවීමේ අවශ්‍යතාවය ද දැඩිව පවතින බැවින් මෙම සේවා ස්ථීරත්වය ලබාදීම ගැටළුවක් නොවන බවට තමාගේ විශ්වාසය යැයි ද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments