21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රැකියා සඳහා විදෙස්ගතවන අයට කොවිඩ් එන්නත් 1989න් විමසන්න.

රැකියා සඳහා විදෙස්ගතවන අයට කොවිඩ් එන්නත් 1989න් විමසන්න.

රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්ධන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා පැය විසිහතර පුරා සේවය සපයන 1989 අංකය අමතන ලෙසද එම ආයතනය ඉල්ලාසිටියි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් මත කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් මෙය ක්‍රියාත්මක කීරිමට අදාළ පියවර ගෙන තිබේ. රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව, ජනාධිපතිතුමාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව, ජාතික කොවිඩ් මර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සඳහා ජාතික කොවිඩ් මර්ධන කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

ජාතික ආර්ථිකය වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත වී සිටින විගමණික ශ්‍රමිකයන්ට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම ජාතික අවශ්‍යතාවයක් බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පිළිගත් බවත්, ඒ අනුව සෞඛ්‍ය මාර්ග මාර්ගෝපදේශ වලට අනුගතව ඉදිරි කටයුතු සිදු කෙරේ.
මෙම එන්නත ලබාදීම සඳහා සුදුසුකම් ලබන්නේ, රැකියා සඳහා විදේශගත වීමට අවශ්‍ය, රැකියා ගිවිසුම, වීසා බලපත්‍රය හා රැකියා ප්‍රදානය කිරීමේ පත්වීම් ලිපිය යන ලේඛන ලැබූ අය පමණයි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් විදේශගත වන අය එම රැකියා ඒජන්සිය හරහා ද, ස්වයං මාර්ගයෙන් විදේශගතවන්නන් කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලබාදී අදාල තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචිය ලබාගත යුතුය.

අදාල එන්නත් කිරීම් ඉදිරි සතියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments