21.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ස.තො.ස. සබන් වර්ගයකට මඩ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරුවේ.

ස.තො.ස. සබන් වර්ගයකට මඩ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරුවේ.

‘ සතොස සබන් ‘ පිළිබඳ මඩ වීඩියෝවක් නිර්මාණය කොට එය සමාජ මාධ්‍ය ජලා ඔස්සේ ප්‍රචාරය කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භකොට තිබේ.

ලංකා සතොස ආයතනය විසින් නියම ප්‍රමිතීන්ට අනුකූලව ඉහළ ගුණත්වයෙන් යුතුව වෙළෙඳපොළට ඉදිරිපත්කොට ඇති සත්ව තෙල් අඩංගු නැති පොල්තෙල් වලින් පමණක් නිපදවූ නියම රෙදි සෝදන සබන් බාල වර්ගයක් ලෙස හැඟෙන පරිද්දෙන් පාරිභෝගිකයන් නොමග යන ලෙස වියදම් දරා සකස් කරන ලද වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන බවට සතොස සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරීස් මහතාට දැනගන්නට ලැබි ඇත.

ඉන් පසුව ස.තො.ස. සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට එම වීඩියෝව පිළිබද තොරතුරු සොයමින් සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments