24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්එක්ස්ප්‍රස් පර්ල් ගින්න - අද සිට ධීවරයින්ට වන්දි ගෙවීම ඇරඹේ

එක්ස්ප්‍රස් පර්ල් ගින්න – අද සිට ධීවරයින්ට වන්දි ගෙවීම ඇරඹේ

ගිනි ගැනීමට ලක්වූ නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම හෙට (12) සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට ලැබෙන සමස්ත වන්දි ගෙවීමට පෙර රජය ඉල්ලා සිටි අතුරු වන්දි මුදල් ප්‍රමාණය මෙසේ ධීවරයන් වෙනුවෙන් ලබාදීම සිදුකෙරේ.

ඒ අනුව රුපියල් මිලියන 420 මුදලක් ධීවරයන් 16,000 වෙනුවෙන් බෙදා දීමට නියමිතය.එම මුදල් බැංකු මඟින් ගිණුම් ගත කිරීම පමණ සිදුකරන අතර චෙක්පත් මඟින් මුදල් ලබාදීම සිදුනොකරන බව අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේය.

මුදල් මෙම සතිය ඇතුළත ගිණුම් ගත වෙන බවත් එසේ ගිණුම් ගත නොවන පුද්ගලයන් ඉදිරි සතියේ දී මේ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments