හිටපු ඇමැති රිෂාඩ් බදියූදීන්ගේ නිවසේ සිට පිළිස්සුම් තුවාළ ලබා දහසය හැවිරිදි දැරිය මියයෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය හා දකුණු කොළඹ කොට්ඨාසය ළමා හා කාන්තා කාර්යාංශය මගින් විමර්ශන සිදුකරනු ලබනවා. විශේෂයෙන් මෙහිදි මෙම දැරිය රැගෙන ආ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් අද (19) ලබාගැනීමට නියමිතව තිබෙනවා දැරිය ඩයගම ප්‍රදේශයේ සිට පසුගිය වසරේ රැගෙනවිත් තිබෙනවා. ඒ වගේම දැරියගේ මව හා හිටපු ඇමැතිගේ බිරිඳගේ මව හා පියාගේ ප්‍රකාශ වැඩිදුර ප්‍රකාශ ඊයේ දිනයේදී ලබාගෙන තිබෙනවා.
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වන්නේ දැරිය සම්බන්ධයෙන් ලිංඟික ප්‍රවේශයක් ලබාගෙන තිබෙන බවයි. එම කරුණ සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙනවා. බොරැල්ල පොලිසිය හා දකුණු කොළඹ කොට්ඨාසය ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක හා පරිවේශණික සාක්ෂි සොයාගෙන වැඩිදුර පරික්ෂන පැවැත්වීමට නියමිතයි.