22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථානයේ ජල...

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථානයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ   තවත් සමාජ සත්කාරයක් ලෙස, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි,  පණ්ඩුගලම සිරි සම්බුද්ධ විහාරයට අනුබද්ධිත රොටවැව, එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මුල්‍ය දායකත්වයෙන් ස්ථාපිත කල ජල පිරිපහදු මධ්‍යස්ථානය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ  සුරතින් 2021 ජූලි 17 දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථානයේ මෙන්ම  අවට ගම්වාසීන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාගැනීම වෙනුවෙන් ස්ථාපිත කල මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත්ත කීරීමේ අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ  ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් සහ සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ගංගා ඩයස් මැතිණිය, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක (නාවික සමාජයීය මෙහෙවර) ව්‍යාපෘති, කපිතාන් ඩබ්එල්එන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ  සීමිත පිරිසක් සහභාගීවී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments