21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම අරමුදලට රුපියල්මි ලියන 2ක් අගමැති මහින්ද...

ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම අරමුදලට රුපියල්මි ලියන 2ක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙයි.

ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ  නැංවීම සඳහා රුපියල් මිලියන 2ක මුදල් චෙක්පතක් අද (19) දින පස්වරුවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාර දුන්නේය.

මෙයට සමඟාමීව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පී.පී.ඊ (PPE) කට්ටල තොගයක් ද ඩරාස් ශ්‍රී ලංකා නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමාට භාර දුන්හ.

කොවිඩ්-19 හමුවේ රටේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ කටයුතු සඳහා මින් ඉදිරියටත් රජයට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව ඩරාස් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, ඩරාස් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රකිල් ප්‍රනාන්දු,ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු දර්ශික අත්තනායක, ප්‍රධාන පරිපාලන නිලධාරී මලිත් රණදේව මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments