බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ පුරප්පාඩුව පැවති 12 වන ආධුනික II පෙළ ජේලර්/ආධුනික II පෙළ පුනරුත්ථාපන නිළධාරීන් 80 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021.07.20 වන දින අඟුණකොලපැලැස්ස නව බන්ධනාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.
එහිදි ගරු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා මාධ්‍ය අමතමින් පැවසූවේ ‘‘ලෝකයේ අද පවතින මේ වසංගත තත්ත්වය හමුවේ, අපේ රටේ ආර්ථිකයත් පහල මට්ටමක පවතින මොහොතක, තම අමාත්‍යාංශය මගින් විශාල පරිස්‍රමයක් සිදුකරලා තමයි මෙම පත්වීම් සිදු කලේ. එම නිසා ඔබලාට ලබාදී ඇති අවස්ථාව අපතේ නොහැර, ලබාදෙන පුහුණුව නිසිආකාරයෙන් ලබාගෙන ආදර්ශමත්, ගෞරවාන්විත බන්ධනාගාර නිළධාරීන් හැටියට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ කිර්තීනාමය රැකෙන පරිදි මේ රටට සේවය කරන ලෙසත් ඔවුන් හමුවේ පවසන ලදී.
බන්ධනාගාර සදහා තවත් පුරප්පාඩුව පවතින නිළධාරීන් 1200ක පමණ ප්‍රමාණය ඉදිරියේ දී බඳවා ගැනීමට කටයුතු කරන බවත්, ගරු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා වැඩිදුරටත් පැවසීය.