විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඬලයද කොතලාවල කෙටුම්පතට විරෝධය දක්වමින් අද (28) සිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙන බව දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා සඳහන් කළේ, කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළකරමින් එම තීරණය ගෙන ඇති බවය.
අදාළ පනත මඟින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදුවන බව මහාචාර්ය ශාම බන්නැහැක මහතා සදහන් කළේය.
කෙසේ වෙතත් අදාළ පනත සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
එම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධන සහිතව හෝ ගෙන ඒම වළක්වාලිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.