22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසර මුල සිට ‍ ජූනි 30...

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසර මුල සිට ‍ ජූනි 30 වන දින දක්වා දිවයින පුරා සාර්ථක වැටලීම් 19,641ක් සිදු කිරීමට සමත් වී ඇත.

2. මෙම කාල සිමාව තුලදී සුරාබදු නිළධාරීන් විසින් සිදු කරන ලද සාර්ථක වැටලීම් පිළිබද වර්ගීකරණය පහත පරිදි වේ.

සුරාබදු ආඥා පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය993
නීති විරෝධී ලෙස නිෂ්පාදිත මත්පැන් සන්තකය/ විකිණීම399
නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම9932
නීති විරෝධී ලෙස මහා රා සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම2714
නීති විරෝධී ලෙස රජයේ අරක්කු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම1269
නීති විරෝධී ලෙස විදේශ මත්පැන් සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම670
සුරා අපරාධ පිළිබඳ තොරතුරු ලබා දීමට නොහැකි වීම103
ඒ වාර්තා4
එකතුව16,084

වස,විස,අබිං හා අන්තරායකර ඖෂධ පිළිබද ආඥා පනත හා මාදක මනෝවර්තක පිළිබද සම්මුති පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

හෙරොයින් සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය1382
කොකේන් සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය32
නීති විරෝධී ලෙස ගංජා සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය659
නීති විරෝධී ලෙස ගංජා වගා කිරීම17
වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ග්‍රහණ62
එකතුව2,152

දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

බදු නොගෙවූ සිගරට් සන්තකයේ තබා ගැනීම891
අවුරුදු 21න් පහල පුද්ගලයන්ට දුම්කොල නිෂ්පාදන විකිණීම14
ප්‍රසිද්ධ හා ජනාකීර්ණ ස්ථානවල දුම්පානය109
වෙනත් දුම්කොල සම්බන්ධ අපරාධ391
එකතුව1,405

3. එම වැටලීම් වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 19,641ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 2,602ක් කාන්තාවන් වේ.

4.2021 වර්ෂයේ පළමු මාස හය තුලදී මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ ලත් ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කල වැරදි සංඛ්‍යාව 1,103 කි.

5.මෙම වැටලීම්/ග්‍රහණ වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවයි.

6. මෙම ග්‍රහණයන් දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57 ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 5 ක් මගින් මෙන්ම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකරන ලද සාර්ථක වැටලීම් වලින් සමන්විත වේ. මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබදව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින්  රුපියල් 61,809,526.00  ( මිලියන 61ක් ) දඩ මුදල් ලෙස පනවා ඇත.

7. මෙම වැටලීම් අතරින් වැඩිම ප්‍රමාණයක් මහජනතාව විසින් සෘජුව හා 1913 දුරකථන අංකය ඔස්සේ සුරාබදු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරිය මගින් ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදුකොට ඇත.

8. ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරිවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිළධාරීන් නවසියයක‍ට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට ඇත.

9. සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් අප වෙත ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා පැය 24 පුරා ක්‍රියාත්මක 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 0112 877 882 / 0112 877 688 / 011 209 6679 අංකයන්ට ෆැක්ස් මගින් ද, [email protected]  විද්යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments