නීතීවිරෝධිව ප්‍රවහනය කළ දැව කොට තොගයක් ,බලපත්‍ර රහිතව කැලෑ හෙලි කිරීමක් හා වැලි පැටවීමක් සිදුකිරීමේ ස්ථාන වටලා ඒ සඳහා යොදා ගත් ට්‍රැක්ටර්රථ , උපකරණ හා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඉකුත් දිනවල ප්‍රදේශ කිහිපයකදී සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී හැකිවි තිබේ.
ඒ අනුව පුවරසන්කූලම් කඳවුරේ නිලධාරීන් (26) සිදුකළ මෙහෙයුමකදී මඩු පොලිස් වසමේ , මඩුරක්ෂිතයෙන් අනවසරයෙන් කපා ප්‍රවහනය කරමින් තිබු විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් පහක්, සහ බොලේරෝ කැබ්රථයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබේ.
එමෙන්ම දඹුල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩයමක් කැකිරාව පොලිස් වසමේ ඇටවීරවැව රජයේ කැලයට අනවසරයෙන් ඇතුළු වි ස්කැවේටර් යන්ත්‍රයක් යොදාගෙන කැළ කපමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව කරදියාරු හා මුන්දෙනිආරු අතුරු ඇළ මාර්ගයකදී පොලිස්වසමේ බලපත්‍ර නොමැති ස්ථානයකින් වැඩිපටවමින් සිටි පුද්ගලයින් සමග ට්‍රැක්ටර් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම අරන්තලාව කඳවුරේ නිලධාරි කණ්ඩයමක් සිදුකර ඇත.