23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අන්තර්ජාලයට up loard කරන දරුවන්ගේ අශීල අසභ්‍ය දර්ශන වීඩියෝ පට නිරීක්ෂණය කිරීම...

අන්තර්ජාලයට up loard කරන දරුවන්ගේ අශීල අසභ්‍ය දර්ශන වීඩියෝ පට නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ තාක්ෂණික ඒකකයක් පොලිසිය පිහිටුවයි.

ශ්‍රී ලංකා පොලිස් ළමා කාන්තා කාර්යාංශය මීට දින දෙක තුනකට පෙර විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. එම විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ අන්තර්ජාලයට මුදාහරින ලබන අශීල අසභ්‍ය දර්ශන වීඩියෝ පටවලට අදාලවයි. විශේෂයෙන් පසුගිය ජූනි 17 දින පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ නිරික්ෂණ ඒකකයක් පිහිටුවනු ලැබුවා. විශේෂයෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් පිහිටුවනු ලද මෙම ඒකකය මගින් අන්තර්ජාලය තුල සැරි සරමින් ඒ තුල විවිධාකාරයෙන් බෙදාහරිනු ලබන තවත් කෙනකුට යවනු ලබන ළමයින්ට අදාල වීඩියෝ දර්ශන, විශේෂයෙන් ඡායාරූප සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබනවා. එවැනි අවස්ථාවකදී අසභ්‍ය ඡායාරූපයක් නැතහොත් වීඩියෝපටයක් සැරිසරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම සිදුකරනවා.

විශේෂයෙන් ළමා හා කාන්තා කාර්යාංශය වෙත නූතන තාක්ෂණය සමගින් ලැබි ඇති විශේෂ දත්ත පද්ධතිවලට අනුව ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයක සිට යම් පුද්ගලයෙක් ළමයින් සම්බන්ධ අශීල ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහළ විගසින් ඒ පිළිබඳ දැනගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ලබාගෙන විමර්ශන සිදුකිරීමට නියමිතව තිබෙනවා.
විශේෂයෙන් මහනුවර පදිංචි පුද්ගලයෙක් විසින් මේ ආකාරයට එක්දිනකදී එවැනි අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප සීයකට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට වාර්තාවෙනවා. මේ up loard කර ඇති පුදගලයින් පිළිබඳ සොයා බලා තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරනවා. එම සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන් නීතියේ ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා. අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අශීල දර්ශන ප්‍රදර්ශනය කිරීම හා තව කෙනකුට බෙදාහැරීම වරදක් වෙනවා. ඊට අමතරව වීඩියෝ පටය හා අදාල ඡායාරූපය මගින් දරුවෙකු අපයෝජනයකට අපචාරයකට ලිංඟික අතවරයකට ලක්වී ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා. මේ විමර්ශන අඛණ්ඩව සිදුකෙරෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments