22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්අද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙක්

අද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙක්

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ඇතිවූ කොරෝනා රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී අත්තනගල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ වෛරසය ආසාදිත රෝගීන් අතර එළුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ හිදින භික්ෂුන් වහන්සේලා සිව්නමක් සහ එහි සිටින තවත් පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට කරුණු තහවුරැ වී තිබෙනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments