22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්රජයේ රෝහල්වල සායනවලට යන රෝගීන්ගේ ඖෂධ නිවෙසට

රජයේ රෝහල්වල සායනවලට යන රෝගීන්ගේ ඖෂධ නිවෙසට

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.ශ්‍රී ධරන් මහතා සඳහන් කළේ වර්තමානයේ රට තුළ සිදුව ඇති කොවිඩ් නයින්ටීන් රෝග ව්‍යාප්තිය හමුවේ නිදන්ගත රෝග සහිත වයස්ගත ජන කොටස් රෝහල් සායන වෙත පැමිණීම අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවය.

රෝහල් සායනවල ඇති අධික තදබදය හේතුවෙන් රෝගීන් වෙත මෙම රෝගය පහසුවෙන් බෝවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, ලබන අඟහරුවාදා දිනයේ සිට සායනික ඖෂධ නිවෙස් වෙත බෙදා දීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුළ පළමුව මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.ශ්‍රී ධරන් මහතා සඳහන් කළේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments