29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගම්පහ-මන්නාරම ගම් 5ක් හුදෙකලා කරයි

ගම්පහ-මන්නාරම ගම් 5ක් හුදෙකලා කරයි

ගම්පහ සහ මන්නාරම දිස්ත්‍රික්ක දෙකේ ගම්මාන පහක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ගම්පහ මීරිගම හා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුරීකොටුව, මාලිගාතැන්න සහ එළුවාපිටිය යන ප්‍රදේශ හුදෙකලා කර ඇත. ඒ එම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසාය.

එළුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින්වහන්සේලා හතර නමක් ඇතුළුව කොවිඩ් රෝගීන් 22ක් හමුවීමත් සමග එළුවාපිටිය සහ එළුවාපිටිය ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා ප්‍රදේශ බවට පත්කර ඇති බව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.පී. ගුණවර්ධන ප්‍රකාශ කරයි.

මීරිගම ප්‍රාදේශීය ​ලේකම් ප්‍රසාද් ඉන්දික පැවැසුවේ තම කොට්ඨාසයේ කුරීකොටුව සහ මාලිගාතැන්න ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් 5ක් මේ අයුරින් හුදෙකලා ප්‍රදේශ බවට පත්කර ඇති බවයි. කුරීකොටුව, කුරීකොටුව පහළ, මාලිගතැන්න පහළ සහ මාලිගතැන්න මධ්‍යම යන ග්‍රාම නිලධාරී වසම්වල ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වී ඇත. මෙම ප්‍රදේශයේ පවුල් 2768ක සාමාජිකයන් 8968 දෙනෙකු වාසය කරති. මෙම මාලිගතැන්න කොට්ඨාසයට උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති වේයන්​ගොඩ මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇති අතර එම විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට විභාග අපේක්ෂකයන්ට, එහි කාර්ය මණ්ඩලවලට බාධාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.

මන්නාරම ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයේ අසල ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයන් හැටදෙනෙකුට කොවිඩි ආසාදනය වූ බවට තහවුරු විය. එම නිසා මන්නාරම පට්ටිමෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන හුදෙකලා කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments