29.1 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්කොවිඩ් නීති කැඩුවොත් 10,000 ක් දඩ

කොවිඩ් නීති කැඩුවොත් 10,000 ක් දඩ

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති කොවිඩ් පාලනය සඳහා මේ වන විට නිකුත් කර ඇති නිර්දේශ’ නීතියක් බවට පත්කර ගැසට් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.

ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති.

ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය සඳහන් කලේ “මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරිම සඳහා රජය විසින් විවිධ තීන්දු ගනිමින් තිබෙනවා. ඒ අනුව රෝගය බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළි නොපදින පිරිස් සඳහා නීතිමය වශයෙන් පියවර ගැනීමට මා විසින් තව දින දෙකක් ඇතුලත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශවල මුව ආවරණ නොපළඳින අයට, සමාජ දුරස්ථභාවය මීටරයක දුර අනුව කටයුතු නොකරන අයට, යම් යම් පරිශ්‍රවලට පුද්ගලයින් ඇතුලත්වීමේ දී උෂ්ණත්වය මැන බැලීම වැනි කාරණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඬුවම් ලබාදිය හැකි වන ආකාරයටයි.”

“ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරන ප්‍රදේශවල මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි වෙනවා,” යනුවෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments