කොරෝනා රෝගීන් දෙතුන් දෙනෙක් සහ දෙතුන් සියයක් වාර්ථා වනවිට රට සම්පූර්ණයෙන් වසා දැමු ආණ්ඩුව රෝගීන් දහස් ගණනක් හමුවනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ දිනකට රෝගීන් විශාල සංඛ්‍යාවක් මිය යාමට ඉඩ හැරීමද යන්න පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී කොරෝනා රෝගීන් හා ඉන් මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වය හමුවේ රට සම්පූර්ණයෙන්ම යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධව සිය ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු නැගු පැනයට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය.
ඇත්තවශයෙන්ම මහජනතාව සිතා බැලිය යුතු ප්‍රධාන කාරණයක් තිබෙනවා. ජනවාරි මාසයේ, පෙබරවාරි මාසයේ කොරෝනා රෝගීන් දෙන්‍නෙක්, තුන්දෙනෙක් හමුවෙනකොට මුළු රටක් සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. ඊට පසුවසියය දෙසීය, තුන්සීය වෙනකොටත් වහලා දැම්මා. දැන් දහ දාහක් විතර වෙනකොට මුළුරටමවිවෘතකරලා. මගේමතකයේහැටියටලංකාවේරෝහල් 1060 ක්පමණතිබෙනවා. ලංකාවේ රාජ්‍ය අංශයේ රෝහල්වල ඇදන් 78,000ක් පමණ තිබෙනවා. ඒ වගේම පෞද්ගලික රෝහල් 200ක් පමණතිබෙනවා. ඒවායේ ඇඳන් 8000 ක ප්‍රමාණයක් තිබෙනවා. මේ තත්ත්වය තුළ කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කරලා තිබෙන රෝහල් සංඛ්‍යාව බැලුවම ඉතාම අවම ප්‍රමාණයක් තමයි තිබෙන්නේ.