මේ වනවිට ආණ්ඩුව ඉදිරිපත් කර නැහැ ජූලි 31 වන විට රටේ නිළ සංචිත ප්‍රමාණය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ට අඩු වෙලා ඒ නිල සංචිත ප්‍රමාණයෙන් රත්තරන් ඩොලර් බිලියන තුන්සිය අසූ ගාණක් තියෙනවා එය අයින් කරාම අපේ අතේ තියෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.35ට අඩු වෙලා එය ආණ්ඩුව කිව්වේ නැහැ .එය මෑත අතීතයේ ලංකාවේ ඩොලර් සංචිත අඩුම වූ අවස්ථාවයි එය මනින්නේ ආනයන මාස කිහිපයකට සංචිත ප්‍රමාණවත් ද කියන එක.එය මාස 1.6කට පමණයි ආනයන කරන්න සංචිත තිබෙන්නේ .ආණ්ඩුවට කියනවා ජනතාව මේ ඉන්න තැනින් තවත් පහලට දමන්න එපා කියලා අපි කාටත් වරදිනවා ආණ්ඩුවට සියලු වැරදි පටවන්න අපි සූදානම් නැහැ . මෙය අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි තිබුණු දේශපාලන මතවාදත් එක්ක වසර ගානක් තිබූ බැරෑරුම් ප්‍රශ්නයක්. ආණ්ඩුව තමයි අද රට පාලනය කරන්නේ විපක්ෂයේ අපට දෙන්න පුළුවන් සියලුම සහයෝගය අපි ලබා දෙනවා මේ ජනතාව වෙනුවෙන් වැරැද්දක් උනාම ඒ වැරැද්ද තේරුම් ගත යුතුයි පසුව එය නිවරදි කර යුතුයි.
ආණ්ඩුව කල්පනා කරා විශාල බදු සහනයක් දීලා 2019දී ආර්ථිකය නැවතත් පණ ගන්නවා කියලා හැබැයි ඒක මගදී වෙනස් කළ යුතුව තිබුණා ඒ corona virus ඒ නිසා මේ දැඩි මතයෙන් ඉවත් විය යුතුයි නැත්නම් ජනතාවට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවනවා.අපිටත් ඕන රටේ ආර්ථිකය ගොඩ දාන්න නමුත් මිනිස්සු මැරිලා වැටෙනවා නම් ආර්ථිකය ශක්තිමත් විය යුතු ගමනේ ගිහින් අපිට ආර්ථිකයත් නැති වෙනවා මිනිස්සුත් නැති වෙනවා එසේනම් මොකක්ද අපේ මූලික දේ වියයුත්තේ.
සමස්තයක් විදියට අපි
මුහුණ දෙන්නේ ආර්ථිකය අසීරුම අවස්ථාවක මිනිස්සුන්ට රැකියා නැතිවෙලා ගොවියන්ට පොහොර නැතිවෙලා භාණ්ඩ ආනයනය කර ගන්න බැරි වෙලා සිටිනවා අනිත් පැත්තෙන් මේක දත්ත වලින් වුණත් ඔප්පුකර පෙන්නන්න පුළුවන් දැවැන්තම ගෙවුම් ශේෂය අර්බුදයක මුහුණ දෙමින් සිටිනවා .අතේ තිබෙන්නේ මාස 1.6 කට පමණයි විදේශ සංචිත මුදල් වලින් කියනවා නම් ඩොලර් බිලියන 2.35 යි තියෙන්නෙ. එවැනි පල්ලෙහා තත්ත්වයකට මීට පෙර වැටිලා නැහැ එතකොට මේ උගුලෙන් ගැළවෙන්න වගකිවයුතු විපක්ෂයක් විදියට කළ යුතු දේ කුමක්ද කියලා නමුත් ඔවුන් කියනවා එහෙම අවශ්‍ය නැහැ සති කිහිපයකින් මේ විසඳගන්න විකල්ප තියෙනවා කියලා නමුත් යථාර්ථය එය එහෙම නෙමෙයි.
රජයට අපි බලකරනවා ජනතාව තවදුරටත් අමාරුවෙ දාන නැතිව කරුණාකරලා දැඩි මතයෙන් අයින් වෙලා යථාර්ථය තේරුම් අරගෙන ජනතාව වෙනුවෙන් කරුණාකරලා මේ යන ගමන පොඩ්ඩක් හෝ වෙනස් කරගෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න හුස්ම ගන්න අවස්ථාවක් දිය යුතුයි තමන්ගේ දේශපාලන අරමුණු වලට යන්න එපා මේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් ටිකක් කරන්නේ කියලා ආණ්ඩුවෙන් ඉල්ලනවා.
රට අරින්නේ ආර්ථිකය ශක්තිමත් කරන්න නමුත් වෙන්නේ කෝවිඩ් එක වැඩි වෙන එකයි.
රටේ ආදායමට වඩා මුදල් අච්චු ගහලා ආර්ථිකය ගොඩ දමන්න බැහැ .
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික අර්බුදය සති කිහිපයකින් ගොඩ දාන බව කිව්වත් කරන විදිය කියන්නේ නැහැ .
මෙවැනි අවස්ථාවක රටක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේද තිබෙනවා එහිදී ආපදා කළමනාකරණ පනතේ නිතීය ක්‍රියාත්මක වියයුතුයි නමුත් ආණ්ඩුව එසේ කරන්නේ නැහැ .