29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගුරු විදුහල්පති ගැටලුව විසඳිමේදි සියලුරාජ්‍ය සේවකයින්ට සාධාරණයක් ලබාදෙනවා.ඇමැති ජී.ඇල්.

ගුරු විදුහල්පති ගැටලුව විසඳිමේදි සියලුරාජ්‍ය සේවකයින්ට සාධාරණයක් ලබාදෙනවා.ඇමැති ජී.ඇල්.

ගුරු විදුහල්පති ගැටලුවට කඩිනමින් විසඳුම් සොයන්නට කැබිනට් අනු කමිටුවක්, විසඳුම් මාස 03කින් අය-වැය ලේඛනයෙන් ම ලබාදීමට තීරණයක්,ඊළඟ අයවැයෙන් ගුරු,විදුහල්පති හා සමාන්තර සේවා සඳහා සාධාරණයක්, සා.පෙළ ප්‍රතිඵල ලබාදීමට සහාය දෙන මෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්,

කැබිනට් මණ්ඩලය ඊයේ හවස රැස් වූ අතර ගුරු ගැටලුව සම්බන්ධ “ක්ෂණික ව ඊයේ හවස ම විසඳුමක් ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළ නොහැකි බව ත් කැබිනට් මණ්ඬලය මේ පිළිබඳ ලබා ගන්නා තීරණය අනෙකුත් රාජ්‍ය සේවයේ සමාන්තර සේවාවන්ට ද බලපාන බැවින් සියලුදෙනාට සාධාරණයක් වන පරිදි සමස්ත රාජ්‍ය සේවය ගැන සිතා බලා විසඳුමකට පැමිණීමටත්” තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ (10) අධ්‍යාපන අමාත්‍යංශයේ දී මාධ්‍ය අමතමිනි.

රට තුළ මේ වනවිට පැන නැඟී තිබෙන සෞඛ්‍ය අර්බුදය සහ ආර්ථික අර්බුදය පිළිබඳ සලකා බලා මේ සඳහා විසඳුමක් ඉදිරිපත් කිරීමට සුදුසු ම ක්‍රමවේදය මාස 03ක් ඇතුළත ඉදිරිපත් කරනු ලබන අය-වැය ලේඛනය හරහා ඉදිරිපත් කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණය යි. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට කැබිනට් මණ්ඩලයේ තිබෙන ගැඹුරු අගයකිරීම සහ සිසු දරුවන්ට සිදු වී තිබෙන ආතතිය, පීඩනය පිළිබඳව තිබෙන ප්‍රබල හැඟීම ත් නිසා මෙම ගැටලුවට ඉක්මන් හා සාධාරණ විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් කැබිනට් අනු කමිටුවක් පත් කරන්නට තීරණය විය. එහි සභාපති ලෙස හිටපු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ ඩලස් අලහප්‍පෙරුම මැතිතුමා පත් කරන ලදී. එහි සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, විමල් වීරවංස සහ ප්‍රසන්න රණතුංග මහත්වරුන් පත්කොට එහි කැඳවුම්කරු සහ ලේකම් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පත් කිරීමට තීරණය විය. මුදල් අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකොට ඉතා ඉක්මනින් අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද කැබිනට් මණ්ඩලය විසින් එම කමිටුවට උපදෙස් ලබා දෙන ලදී.

පාසල් විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් අද රටේ පවතින නිසා මාර්ගගත අධ්‍යාපනය අපේ දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක් නිසා ත් මාර්ගගත අධ්‍යාපනයෙන් ඉවත් නොවන ලෙස ගුරුභවතුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසී ය. මේ වනවිට අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුන් 622000ක් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර එම ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී තිබෙන්නේ ගුරුවරුන් සෞන්දර්යය විෂයයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වී සිටීම නිසා බවත් එබැවින් දරුවන් පිළිබඳ සිතා අවුරුදු 24ක් තිබුණු ගැටලුවක් සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක නොගත් දැඩි ක්‍රියාමාර්ග ගෙන එම දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙස ද ඉල්ලා සිටියේ ය. මේ වනවිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සලසා තිබිය දී දරුවන් පීඩනයට ලක් නොකරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments