25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බූවැලිකඩ ගේ කඩා වැටීමේ CCTV දර්ශන මකලා

බූවැලිකඩ ගේ කඩා වැටීමේ CCTV දර්ශන මකලා

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ යාබද නිවසේ තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් දර්ශන මකා දමා ඇති බවට සැක මතු වී ඇතැයි මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිසිය පැවසීය.

සැප්තැම්බර් 20 වැනි දින තිදෙනකුට මරු කැඳවූ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිලමේවරයා ඔක්තෝබර් මස 27 වැනි දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා ඊයේ (13 වැනිදා) නියෝග කළේය.

නොසැලකිලිමත් ක්‍රියාවකින් තිදෙනකුට මරණය සිදු කිරීම සහ නොසැලකිලිමත් ක්‍රියාවන් මත, නිවාස කිහිපයකට අලාභහානි සිදු කිරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව මහනුවර පොලිසිය නඩු පවරා තිබිණි. එහි පළමු නඩු දිනයේ අනුර ලෙව්කේ දින දාහතරක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. මහනුවර පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ යාබද නිවෙස්වල මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාව සහිත CCTV දර්ශනද මකා දමා ඇති බවට සැක මතුව ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments