20.7 C
Sri Lanka
Friday, August 15, 2025
Homeදේශීය පුවත්සජිත් පළමු වරට ‘දේශපාලන කොමිසම’ හමුවට

සජිත් පළමු වරට ‘දේශපාලන කොමිසම’ හමුවට

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ මෙම 16 වැනිදා පෙනී සිටින ලෙසට සභාපති විනිසුරු උපාලි අබේරත්න ඊයේ (13 වැනිදා) නියෝග කර තිබේ.

ඉකුත් රජයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසීම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම හමුවට සජිත් ප්‍රේමදාස කැඳවා ඇත්තේ පළමු වරටය.

සජිත් ප්‍රේමදාසට අමතරව, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූෂණ විරෝධී කමිටුවට, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර ඇතුළු පිරිසකට ද එදින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සභාපති විනිසුරු නොතිසි නිකුත් කළේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසට මෙලෙස නොතිසි නිකුත් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments