21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් වෙස් ගත් යතුරුපැදි සොරුන්ගේ සුලමුල එස්.ටි.එෆ්. සොයාගනී.

පොලිස් වෙස් ගත් යතුරුපැදි සොරුන්ගේ සුලමුල එස්.ටි.එෆ්. සොයාගනී.

එළවළු වෙළඳාමේ යෙදෙන යතුරු පැදිකරුවන්ගේ යතුරු පැදි පොලිස් වෙස් අරගෙන මංකොල්ලකන කල්ලියක් අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.

පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් ඇඳිරි නීති කාලය තුළ යතුරුපැදි භාවිතා කරමින් වෙළඳාම් කටයුතුවල යෙදෙන පුද්ගලයින්ගේ යතුරු පැදි පැහැරගැනීමේ කල්ලියක්

පසුපස හඹාගොස් අංක BCB 6606 දරණ HERO PLEASURE වර්ගයේ යතුරු පැදියක් ලියාපදිංචි සහතික හා රක්‍ෂණ සහතිකයද සමග ජංගම දුරකථනයක් එහි හිමි

කරුට පොලිස් නිලධාරියකු බව පවසා පැහැර ගැනීම සම්බන්ධව (27) කඩවත පොලිස්ථානයේ සටහන් කරන ලද පැමිණිල්ලට අදාලව වි.කා.බ බුද්ධි කොට්ඨාශයේ පොප

ආර්.එම්.ඒ.පී.බී. රාජනායක නිලධාරියා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉහත පැහැර ගෙන තිබෙන යතුරු පැදිය සහ ජංගම දුරකථනය සොරකම් කිරීම සහ සාවද්‍ය පරිහරණය

සම්බන්ධව අත්අඩංගුවට ගෙන සැකකරු හා එම භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සදහා කඩවත පොලිස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම යතුරු පැදිය පැහැරගෙන යාම සම්බන්ධව වැඩිදුර විමර්ශන කිරිමේදී පසුගිය දින කිහිපය තුල මේ ආකාරයෙන් එම ප්‍රදේශයේ යතුරු පැදි කිහිපයක් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැහැර ගැනීමට ලක්ව ඇති බවට

අනාවරණය විය. මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ කටයුතු කඩවත පොලිස්ථානය මගින් සිදුකරගෙන යනු ලබයි. මේ සමග අදාල ලිපිලේඛනද ඉදිරිපත් කර තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බුද්ධි අංශයෙහි ස්ථානාධිපති ප්‍රපොප නදික සිල්වා

මෙහෙයවීම යටතේ බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව පොප ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් රාගම පොලිස් වසමේ අංක 53, බටුවත්ත, රාගම යන ලිපිනය ඉදිරිපිටදී මෙම වැටලීම සිදුකර ඇත.

විශේෂ කාර්යබලකාය ශාස්ත්‍රවේල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් හා ලාහුගල කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව (29) පොතුවිල් පොලිස් වසමේ ජාතික වනඋද්‍යානය තුල කවිචිකුඩි ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙට නිෂ්පාදිත ත්‍රේඩ් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 හිස්පතුරම් කොපු දෙකයි, ඊයම් කැබලි හයක්, පතුරම් සැකසීමට ගන්නා ලී කැබලී එකක්, යකඩ කැබලි,කටිස් කැබලි දෙකක් ඇතුළු තවත් උපකරණ අත්අඩංගුවට ගෙන ලාහුගල වනජීවි කාර්යාලයට භාරදී ඇත.

මීට අමතරව පූගොඩ ජමන්වත්ත වැටලිමක් සිදුකොට නීති විරෝධි මත්පැන් මි.ලි.තිස්තුන්දහස් හත්සිය පනහක් හා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම වැලි ජාවාරමුන්ද අත්අඩංගුවට ගැනීමට දෛනික වැඩලීම්වලදි පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments