29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් නව ලෝක වාර්තාවක් ද...

ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට අගමැතිගෙන් උණුසුම් සුබ පැතුම්.

ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම් පිරිනමමි.

බෙදුම්වාදයට එරෙහිව රට එක්සේසත් කරන සටනේ දී සිය වගකීම නොපිරිහෙළා ඉටු කළ රණවිරු දිනේෂ් ප්‍රියන්ත 2016 ඔලිම්පික් උලෙළේ දී ද අපේ මාතෘ භූමියට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් විය. ඒ අනුව අපේ රටට ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා දුන් එක ම සහ පළමු ක්‍රීඩකයා දිනේෂ් ප්‍රියන්ත ය.

‘කොවිඩ් වසංගත තත්ත්වය නිසා මුහුණ පෑමට සිදු වූ අනේක විද බාධාවන් ද පරාජය කරමින් ඔබ රටට දිනාදුන් මෙම විජයග්‍රහණය සමස්ත ජාතිය ධෛර්යවත් කරන්නකි.’ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සිය උපරිම දක්ෂතා දක්වමින් අපේ සිංහ ධජය ඉහළට ම ඔසවා තැබීමට මෙම ජයග්‍රහණය හේතුපාදක වේවායි ද පතමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments