අගමැති මහින්ද රාජපක්ෂ මහතාට යුරෝපයේ ඉහලම මට්ටමේ ජත්‍යාන්තර සම්මන්ත්‍රණයක් ඇමතීමට ලැබීම වැදගත් දෙයක් බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා ප්‍රකාශ කරයි.
අපේ රටට විශාල ගෞරවයක් සහ ආඩම්බර වෙන්න පුළුවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනාවක් ලැබි තිබෙනවා යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණයට සහභාගිවෙලා මේ සම්මන්ත්‍රණයේ පළමු සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට. මේ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණය ලබන සති අන්තයේ ඉතාලියේ බොලබ්නා විශ්ව විද්‍යාලයේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් ද්වේශ සහගත බලවේග දුරුකරලා අපේ රටේ යථාර්තය පිළිබඳ චිත්‍රය යුරෝපයට ඉදිරිපත් කිරීමට මෙය උචිත අවස්ථාවක් වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ අගමැති සහ ඉතාලියේ විදේශ ඇමති හමුවි සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව ශ්‍රී ලංකාවට වැදගත් සාකච්ඡාවක් අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා ස්ලෝවෙනියාවේ ජනාධිපති හමුවීමට නියමිතයි. මේ ජාත්‍යාන්තර සමුළුව ඉතාලියේ පැවැත්වෙන අවස්ථාවේ තමයි ජිනිවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ. ඒ සඳහා මම බලාපොරොත්තුවෙනවා අන්තර්ජාලය හරහා සම්බන්ධවීමට. මීට පෙර මානව හිමිකම් කවුන්සිලය ජිනිවා නගරයේදී රැස්වුණේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ දීය. ඒ කාලවකවානුව තුළ ඉතාමත් දුෂ්කර අභියෝග මධ්‍යයේ අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිය පිළිබඳව යථාර්තවාදි අදහස් නියම තත්වය සම්පූර්ණ වශයෙන් විස්තර සහිතව ඉදිරිපත් කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සාගර කාරියවසම් මහතා……..
අපි හැමෝම දන්නවා රටක් හැටියට ලෝකයම මුහුණ දී තිබෙන තත්වය කුමක්ද කියලා. නමුත් මේ තත්වය යටතේ බොරදියේ මාළුබාන පිරිසක් ඉන්න බවක් අපිට පෙනෙනවා. මේ දවස්වල සමාජ මාධ්ය පිළිබඳ නෙත් යොමු කල විට පෙනි යයි අපේ රට පිළිබඳව කොතරම් අසුභවාදි සහ පසුගාමී දේවල් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවාද කියලා. මේ සියල්ල කරන්නේ ඉතාමත් සංවිධානාත්මකවයි. ශ්රින ලංකා පොදුජන පෙරමුණ ප්රකමුඛ අපි රජයක් පිහිටවලා අපි ඉතාමත් සැලසුම් සහගත සංවර්ධන වැඩපිළිවෙලක තමයි පසුවන්නේ. පහුගිය වසර තුළ මේ රට විනාශ කරලා තිබුණා. අපිට සිදු වුණා අත්තිවාරමේ ඉඳලා උඩට නංවන්න. අපි පහුගිය වසරක කාලය තුළ සියලු ප්ර ශ්නවලට මුහුණ දෙමින් අපි මේ රටට අවශ්යඩ සංවර්ධනයට අත්තිවාරම දැන් දමලා අවසන් කරලා තිබෙන්නේ. මේ කුමන්ත්ර්ණකාරි විවිධ බලවේග තුළින්් මේ රට විනාශ කිරීමට පටු දේශපාලන අරමුණු පදනම්වෙලා තිබෙනවා. මෙය දේශපාලනය කළ යුතු අවස්ථාවක් නොවේ, රටේ සංවර්ධනය සඳහා සියලුදෙනා එකතුවිය යුතු අවස්ථාවක්. අපි ඒ සියලු බාධක හමුවේ ඒ අවශ්යා සංවර්ධන කටයුතුවලට අවශ්යද පදනම දමා අවසන්. තව වැඩි දවසක් නෑ මේ රටට වසන්තය ලඟා කරනවා.