(04) ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ නිළධාරීන්ට මහජනයාගෙන් ලද තොරතුරක් මත, පොල්ගස්ඕවිට, හල්පිට ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව සූපෝබභෝගී නිවසක වහලය හා සිවිලිම අතර අවකාශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ නීති විරෝධී ස්ප්‍රීතු හෙවත් කසිප්පු නිෂ්පාදනාගාරයක් සාර්ථකව වටලා නීති විරෝධී ලෙස නිපදවන ලද ස්ප්‍රීතු හෙවත් කසිප්පු මිලි ලීටර 15000ක් සහ නීති විරෝධී ලෙස සාදන මත්පැන් හෙවත් ගෝඩා මිලි ලීටර 365,000ක් සමග ඒවා නිෂ්පාදනය කළ සහ සතුව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැණීමට සමත් විය.
මෙහිදී මෙම මහාපරිමාණ නීති විරෝධී ස්ප්‍රීතු හෙවත් කසිප්පු නිෂ්පාදනාගාරය සඳහා යොදාගත් දඟර හා බැරල ඇතුළු උපකරණ රැසක් ස්ප්‍රීතු හා ගෝඩා වලට අමතරව අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිළධාරීන්ට හැකි වූ අතර එම අත්අඩංගුවට ගනු ලැබූ සමස්ත භාන්ඩවල වටිනාකම රුපියල් දෙලක්ෂ විසිපන් දහසක් (225,000/=) පමණ වන බව සුරාබදු නිළධාරීන් පවසයි.
නීති විරෝධී ස්ප්‍රීතු හෙවත් කසිප්පු පෙරීම සම්බන්දව අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් පමණ වන පොල්ගස්ඕවිට, හල්පිට ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ. තවද අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරි දිනයකදී කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමට නියමිතව ඇත. තවද මේ පිලිබද වැඩිදුර පරික්ෂණ සුරාබදු අධීකාරි චන්න විරක්කෝඩි මහතාගේ අධික්ෂණය යටතේ සිදුවේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ගාමිණී අධිකාරී මහතාගේ මග පෙන්විම යටතේ සුරාබදු අධීකාරි ( දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් කාර්යාංශය ) එච්.එච්.ඩී.ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු ස්ථානාධිපති ( දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් කාර්යාංශය ) ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන්, සුරාබදු පරීක්ෂක අකිල, සුරාබදු කෝප්‍රල්වරුන් වන 823 පනාගොඩ, 825 මංජුල, 922 සංජය, සුරාබදු නියාමක 1141 රමිත සහ සුරාබදු රියදුරු අසංක සහ මනමේන්ද්‍ර යන නිලාධාරින් විසින් මෙම වැටලිම සිදු කරන ලදි.
මෙම ග්‍රහණයට අදාළ වීඩියෝ පට සහ ඡායාරුප කිහිපයක් මේ සමග යා කර ඇති අතර වැඩි දුර තොරතුරු සඳහා 071-1232527 අංකයෙන් සුරාබදු ස්ථානාධිපති ( දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් කාර්යාංශය ) ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා අමතන්න.