විශේෂ පොලිස් කාර්ය බලකායේ නෙල්ලඩි කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය කළ කැබ්රථයක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගනී. යාපනය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් බලපත්‍ර නොමැතිව වැලිකෑණීම් කළ කැබ්රථයකට වැලි පටවමින් සිටිද්දි අත් අඩංගුව ගෙන ඇත.
එමෙන්ම සමන්තුරේ බලපත්‍ර රහිතව පස් කෑණීම් කර පටවමින් සිටින පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පොළ කඳවුරේ නිලධාරීන් නීති විරෝධි ලෙස රජයේ අනුමත අරක්කු තොගයක් අලෙවිය සඳහා ළඟ තබාගෙන සිටිද්දි අත්අඩංගුවට ගෙන ඇත. තලවාකැලේ නිලධාරීන් කණ්ඩායමක් තහනම් දුම්කොළ මිශ්‍ර මාවා සහ මාවා නිෂ්පාදනය භාවතාකරන අමුද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර තලොගස්විල නිට්ටඹුවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතක්, මිලිග්‍රෑම්545ක් හා වලංගු මුදල්ද අත් අඩංගුවට ගෙන ඇත. මාන්කූලම් පොලිස් වසමේ ඉන්ද්‍රපුරම් ප්‍රදේශයේ වැටලීමක් කොට කේරළ ගංජා ග්‍රෑම් 1525ක් අත් අඩංගුවට ගෙන ඇත.
ලිඳුල පොලිස් වසමේ මිල්ටන් වත්ත, බඹර කැලේ ප්‍රදේශයේ වැටලීමක් කර තහනම් දුම්කොළ කලවම් කරන ලද මාවා ග්‍රෑම් 10ක් බැගින් පැකට් 21ක්, කැබලි කළ වියළිපුවක් කිලෝග්‍රෑම් 960ක්, කැබලිකළ තහනම් දුම්කොළ කිලෝග්‍රෑම් අටක් හා ග්‍රෑම් 725ක් හා කේශරින් ටින් 06ක්, හුණු පැකට් 05ක් අත් අඩංගුවට ගෙන තිබේ. තවද නීතිවිරෝධි මත්පැන් හා ගංජා පැළ රාශියක්ද අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.