22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ඇට්ලස් වෙතින් 5 වසර ශිෂ්‍යත්ව සිසුන් 37,000කට වැඩි පිරිසකටදැවැන්ත අධ්‍යාපනික අත්වැලක්,විභාගයඉලක්කකරගනිමින්නො මිලේපැවැත්වෙනදිවයිනේවිශාලතම...

ඇට්ලස් වෙතින් 5 වසර ශිෂ්‍යත්ව සිසුන් 37,000කට වැඩි පිරිසකටදැවැන්ත අධ්‍යාපනික අත්වැලක්,විභාගයඉලක්කකරගනිමින්නො මිලේපැවැත්වෙනදිවයිනේවිශාලතම මාර්ගගත සම්මන්ත්‍රණමාලාව

ඇට්ලස් වෙතින් 5 වසර ශිෂ්‍යත්ව සිසුන් 37,000කට වැඩි පිරිසකටදැවැන්ත අධ්‍යාපනික අත්වැලක්

විභාගයඉලක්කකරගනිමින්නොමිලේපැවැත්වෙනදිවයිනේවිශාලතමමාර්ගගතසම්මන්ත්රණමාලාව

2021 සැප්තැම්බර් 09, කොළඹ: ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඩිම ජනාදරයක්දිනාගත්සන්නාමය ලෙස සැලකෙන ඇට්ලස් (Atlas), මෙවරශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන්‘ඇට්ලස් සිප් උදාන ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව අත්වැල නමින් මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවක්’ක්‍රියාවට නංවා තිබේ. 2021 වසරේ නොවැම්බර් මාසයේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන්ට අත්වැලක් වීම මෙහි අරමුණයි. නොමිලේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව, මෙමවසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා සෑම ඉරිදා දිනයකම පෙ.ව.8.30 සිටපැවැත්වේ. දැනට රටේ පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ පාසල් වසා දමා ඇති පසුබිමක් තුළ දරුවන්ට බාධාවකින් තොරව තම අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා අත්වැලක් වීමට ඇට්ලස් සමාගම දරනඋත්සාහයේතවත්එක්පියවරක් ලෙස මෙය හැඳින්විය හැක.

සිසුන්ටද සක්‍රීය ලෙස දායක විය හැකි ආකාරයට පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණ මාලාව මෙහෙයවනු ලබන්නේ, මෙරටඅධ්‍යාපනක්ෂේත්‍රයේප්‍රවීණයෙකු සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවාවේ (3 වන ශ්‍රේණිය) සාමාජිකයෙකු වන චමින්ද ලියනාරච්චි මහතා විසිනි. ‍සුවිශේෂී ප්‍රවේශයක් තුළින්, සිසු සිසුවියන් සමග පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල පිළිතුරු මෙන්ම පිළිතුරු ලිවීමේ ක්‍රම ආදිය සාකච්ඡා කිරීම මෙම සම්මන්ත්‍රණයේ විශේෂත්වයකි. මීට අමතරව, ප්‍රශ්න විමසමින් තමන්ට ඇති ගැටලු විසඳා ගැනීමට ද සිසු සිසුවියන්ට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.

“වසර ගණනාවක් තිස්සේ ඇට්ලස් සමාගම, මෙරට දරු දැරියන්ට 5 වසර ශිෂ්‍යත්ව විභාගයට වඩාත් හොඳින් සූදානම් වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. දරුදැරියන්ට විවිධ විෂයන් සම්බන්ධයෙන් වඩාත් පුළුල් දැනුමක් හා අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ලබාදුන් ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහනක් වූ ‘මනසාලෝක’ ප්‍රදර්ශනයඊටකදිමඋදාහරණයක්. රටේ දැනට පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වුවත් දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අප දිගින්දිගටම කටයුතු කරමින් සිටිනවා. මෙම මාර්ගගත සම්මත්‍රණ මාලාවට සහභාගීවීමසඳහාසිසු සිසුවියන් 37,000 කට වැඩි පිරිසක් ඉදිරිපත් වීමත්, අපගේ සාර්ථකත්වයට ඉතා හොඳ සාක්ෂියක්. රටේ දරුවන්ට තම උපරිමය ළඟා කරගැනීමට ශක්තියක් වෙමින් මේ ආකාරයට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් නොමිලේ ලබාදීමට හැකි වීම ගැන අප නිහතමානීවසතුටු වනවා” යනුවෙන් ඇට්ලස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පැවසී ය.

ඉගෙනුමට නව අරුතක් දෙමින්, 5 වසර ශිෂ්‍යත්ව පාඩම් මාලාව සහ ‘නිර්මාණශීලී ක්‍රියාකාරකම් කඳවුර’ වැනි වැඩසටහන් ඔස්සේ කාටත් සමාන වූ ඉගෙනුම් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සලසා දීම ඇට්ලස් සිප් උදාන වැඩසටහනේ අරමුණයි. සියලුම වයස් කාණ්ඩ වලට අයත් සිසුන්ට නිර්මාණශීලී අයුරින් දැනුම ලබාදීම පමණක් නොව,  ගුරුවරුන්ට හා දෙමාපියන්ටද අධ්‍යාපනය වඩාත් විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම අරමුණු කරගෙන, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙම ක්‍රියාකාරකම් සැලසුම් කෙරේ.

Microsoft Teams ඔස්සේ පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණ මාලාව, Facebook Liveand YouTube live ඔස්සේ සජීවීව විකාශය කෙරේ. මෙම සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි වන ආකාරය www.facebook.com/atlas.lkඇට්ලස් නිල ෆේස්බුක් පිටුව හරහා ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments