රුපියල් ලක්ෂ හැත්තෑවකට අධික කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
ගෙන තිබේ.
මෙම වැටලීම විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප. එස්.පී. ගුණතිළක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (08) මරදාන පොලිස් වසමේ අංක 258/ඒ, ඩින්ස් පාර, මරදාන, කොළඹ 10 ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදි කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 836 යි.
, ජංගම දුරකතන , මෝටර් රථයක්(WPCAX 6168)
සැකකරු ගණේ මුල්ල සුමේධ මාවතේ පදිංචිකරුවෙකී.
සංචරණ සීමා උල්ලංගණය කරමින් ජාවාරම් කිරීම සඳහා කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.