22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා සිය ධුරයෙන් විශ්‍රාම...

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා සිය ධුරය හැරයාමට තීරණය කර තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ, අද(10) ඔන්ලයින් ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා,

තීරණය කර සිටියේ ලබන මාසයේ මාගේ 80 වැනි උපන් දිනයට විශ්‍රාම යාමටයි. එහෙත් පසුගිය සතියක් හෝ දින 10 ක් හෝ තුළි සිදු වූ සිත් රිදවන සිදුවීම් මගේ විශ්‍රාම යාම සති 06 කින් පමණ ඉක්මන් කෙරුණා. මම ලබන 14 වන අඟහරුවාදා විශ්‍රාම යාමට අපේක්ෂා කරන බව ඔබට හා ඔබ හරහා ජනතාවට දැනුම් දෙනවා

මහැ බැංකු අධිපතිවරායාගේ සිත් රිදවීමට බලපෑ හේතු මොනවාද?

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා,

මගේ වගකීම් ඉටු කිරීමට දිවා-රෑ නොබලා කටයුතු කළා. එහෙත් අප පාලනයෙන් බැහැර පවතින සභිවික හා මානූෂිය බලවේග හේතුකොටගෙන අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය එලෙසම ලැබුණේ නැහැ. මා වැඩ භාරගෙන මාස තුනෙන් 2020 මාර්තු සිට බලපෑ කොවිඩ් වසංගත රැළි, මෙහිලා බලපෑ තව බොහෝ මානුෂිය හා ආයතනික කරුණු තිබුණා. මේ දුෂ්කරතා මැද කළ යුතු ප්‍රතිපත්ති වෙනස්කම් ගැන සිතමින් මානසික පීඩනයෙන් සිටි දින ගණන් බොහෝයි. ඇත්තවශයෙන්ම මේ තනතුර අත්හැරීම පිළිබද මා හා මගේ හිතවතුන් හිතන්නේ සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරක් භාර ගන්නවාද යන්න ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ මහතා….ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අතිශය ආකර්ශනීය වැටුප් හා වෙනත් පහසුකම් සහිතව විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුර ඉදිරි වසර සදහා භාර ගැනීමට ඉල්ලීමක් කර ඇති බව මා සදහන් කළ යුතුයි. සාමාන්‍යයෙන් ගත් කළ මෙය වටිනා තිළිණයක් වුණත් මාගේ ප්‍රතිපත්ති හා ගත් කළ මෙම තිළිණය පිළිගැනීමට මැලි වෙමි. මම එය ප්‍රතික්ෂේප කළේමි. විශ්‍රාම ගැනීමෙන් පසු එය මාගේ ශාස්ත්‍රිය කටයුතු සදහා ප්‍රයෝජනවත් විවේක කාලයක් ලැබෙනතැයි මා අපෙක්ෂා කරමි.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතින්ත්‍රික සමාජවාදී ජනරජයේ අ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරන ලදි. මේ අනුව මහාචාර්ය ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා 1994 සිට 1999 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද සේවය කළේ ය. අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහු 2005 වසරේ දී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබී ය.

මහාචාර්ය ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයායි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments