පානදුර උතුර , හේනමුල්ල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ රාත්‍රී කාලයේ අධි වේගී යතුරු පැදිවලින් රේස් ගිය යතුරු පැදි දෙකක් අනතුරට ලක්ව තිබේ.
පොලීසිය පැවසුවේ පානදුර උතුර පොලිස් ස්ථානයේ ජීප් රියක මෙම යතුරු පැදි දෙක ගැටී ඇති බවයි.
අනතුරින් ස්ථානාධිපතිවරයා හා යතුරු පැදිකරුවන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මොවුන් තිදෙනාම මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.