21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅබාධ සහිත පුද්ගලයන් සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක්.

අබාධ සහිත පුද්ගලයන් සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක්.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට කිසිදු අපහසුතාවකින් තොරව ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමන් අතර මෙන්ම බාහිර සමාජය සමඟ සම්බන්ධීකරණය පිණිස කේන්ද්‍රස්ථානයක් ස්ථාපන කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම කේන්ද්‍රස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිමි මහළේ ස්ථාපනයකෙරේ. අබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතාවන්ට අනුරූපවන පරිදිකේන්ද්‍රස්ථානය සකස් විය යුතු ආකාරය පිළිබඳවජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා අද (17) ආබාධ සහිත පුද්ගලයන්ගේ නියෝජිත කණ්ඩායමක් සමඟ අදහස් හුවමාරුවක නිරත විය.

ආබාධ සහිත පුද්ගලසංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය ඇතුළු ශ්‍රව්‍ය, දෘශ්‍ය හා වෙනත් ආබාධ සහිත කිහිපදෙනෙක් ඊට සහභාගී වූහ.ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් ඔවුන් වෙතින්ම හඳුනාගනු ලැබූ අතර ඔවුන්ට භාවිත කිරීමට හැකිපරිදි සියල්ල සංවිධානය කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආබාධිත පුද්ගලයන් සඳහා පිවිසුම් මාර්ග සකස් කිරීම, සනීපාරක්ෂක පහසුකම් සැලසීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පිවිසීමේ මංතීරු ඉදිකිරීම, වාහන නතර කිරීමේ පහසුකම් ආදිය කෙරෙහි අවධානය යොමුකෙරිණි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ යහපත පිණිස සැලසුම් කළ මේ සත්කාර්යයෙහි පෙරමුණ ගැනීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යවරයාට කෘතඥතාව පළ කළ ආබාධ සහිත ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ජනතාව උදෙසා සෑම රාජ්‍ය ආයතනයකම මෙබදු පහසුකම් සලසන ලෙස ඉල්ලීමක්  කළහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments