කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවය.
මිනුවන්ගොඩ කේන්ද්‍රගත කොට හමුවු කොරෝනා පොකුර රටපුරු තැන තැන ව්‍යාප්තව පවතින අතර කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.
මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගීන් හා ආශ්‍රිතයින් සහිත රතු කලාපවල සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගෙ මහතා සඳහන් කළේ, කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු ජනතාව වෙත නිකුත් කළ යුතු බවය.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව පවතින බවය.