26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අසම්මත ​ප්‍රේමය අහිමි වී සිත් තැවුලට පත් තරුණිය දිවියට සමු දෙයි

අසම්මත ​ප්‍රේමය අහිමි වී සිත් තැවුලට පත් තරුණිය දිවියට සමු දෙයි

රාජගිරිය ඔබේසේකර පුරයේදී 22 හැවිරිදි තරුණියක සමග අසම්මත ප්‍රේමයක් පවත්වාගෙන ගිය 17 හැවිරිදි තරුණියක් යෙහෙළිය අමනාප වීම නිසා සිත් තැවුලට පත්ව නිවසේ බාල්කයක එල්ලී දිවි හානි කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පසුගිය 12 වැනිදා කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක ඉදිරියේදී පවත්වනු ලැබීය. මේ සම්බන්ධව මරණ පරීක්ෂකවරිය මෙලෙස ප්‍රකාශ කර සිටියාය.

මියගිය තරුණිය 22 හැවිරිදි තරුණියක් සමග ඇසුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා ඇය කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් තරුණියන් 8 දෙනෙකු ඇයගේ නවාතැන වෙත ගෙන්වාගෙන ඇඟලුම් ශාලාවක රැකියා ලබා දී ඔවුන් සමග අසම්මත ඇසුරක් පවත්වාගෙන යමින් සිට තිබෙනවා. මියගිය තරුණියත් වරින් වර ඇය සමග සිට අමනාප වී ඇයගෙන් වෙන්ව ගියත් නැවතත් ඇය සොයාගෙන පැමිණි බව දැන ගැනීමට තියෙනවා.

එබැවින් දෙමාපියන් වැඩිහිටියන් තම තරුණ දියණියන් පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු කාලයක් එළැඹ ඇති බව සිහිපත් කළ යුතුයි. මෙම මරණය පිළිබඳ මියගිය තැනැත්තියගේ වැඩිමහලු සොයුරියකද සාක්ෂි දුන්නාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments