22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ් 19 සංචරණ සීමා සමයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට පොලිස්පති නිර්දේශ.

කොවිඩ් 19 සංචරණ සීමා සමයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට පොලිස්පති නිර්දේශ.

සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් මේ නිර්දේශය කර තිබේ.

වසර එක හමාරක් රට වරින් වර වසා තැබීමෙන් පොත්හල් ද වසා තැබීමට සිදුවූ නිසා පොත් ප්‍රකාශන කර්මාන්තයට ඛේදනීය තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති බව පෙන්වාදෙන පොත් ප්‍රකාශකයින්ගේ සංගමය දිගින් දිගටම පොත්හල් වසා තැබුව ද සේවක වැටුප්, දීමනා මෙන්ම ගොඩනැගිලි කුලීගෙවන බව සඳහන් කරයි. පොත්හල් දිගටම වසා තැබීම නිසා පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට ද අහිතකර බලපෑම් එල්ලවී ඇති  බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි. දරුවන්ට අවශ්‍ය පොත්පත්නැතිව මාර්ගගත අධ්‍යාපනයේ වුවද නියැලීමට නොහැකිවී ඇති බව ද එම ලිපියෙන්පැහැදිලි කර ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පාසැල් දරු දැරියන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය පොත්පත් මිලදී ගැනීමට පොත්හල් විවෘත කර තැබීම සුදුසු බව නිර්දේශ කරන මෙන් පොලිස්පතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments