විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් පූගොඩ පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම් පහක් හා මිලිගෑම් හාරසීයක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මුරුන්කන් පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් එකසිය විස්සක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. කුට්ටිගල පොලිස් වසමේ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි අලෙවිය සඳහා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. නුවර එළිය පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් හතක් හා මිලි ග්‍රෑම් තුන්සීයක් ළඟ තබාගත් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. සීගිරිය පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මි.ලි.පහලොස්දහසක් සහා පෙරීමේ උපකරණ ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. මඩු පොලිස් වසමේ බලපත්‍රයක් රහිතව වැලි කැණීම්කර ටිපර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සූරියපුර පොලිස් වසමේ වල්ඌරුමස් කිලෝ දහයක් ප්‍රදර්ශනය කරමින් යතුරු පැදියකින් විකුණමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
නීතිවිරෝධිව ජාවාරම්වල යෙදුණු අය එස්.ටි.එෆ්.සොයාගනී.
RELATED ARTICLES