26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPආසියානු සංවර්ධන බැංකුවෙන් අධ්‍යාපන ව්‍යාපෘති.

ආසියානු සංවර්ධන බැංකුවෙන් අධ්‍යාපන ව්‍යාපෘති.

    ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජෙනරාල් (දකුණු ආසියා) කෙනිචි යොකෝහාමා (Mr.Kenichi Yokoyama) සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2021/09/30වන දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

   ලබන වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කෙරෙන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසූ අතර එය ශ්‍රී ලංකාවට ගෞරවයක් බව අමාත්‍යවරයා පැවසී ය.

   ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන අංශයන් හි සංවර්ධනය උදෙසා ආසියානු සංවර්ධන බැංකුව මඟින්“ද්විතීය අධ්‍යාපන අංශ සංවර්ධන වැඩසටහන ” යටතේ මේ වනවිට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආධාරය පිළිබඳ ව අමාත්‍යවරයා ස්තූතිය පළ කළ අතර ඒ තුළින් ද්විතීය අධ්‍යාපනයේ තත්ත්වය සහ අදාළතාව වර්ධනය කිරීමෙහි ලා විද්‍යාව, තාක්ෂණය, ගණිතය සහ වාණිජ්‍ය යන අංශයන් හි සංවර්ධන කටයුතු සිදුවන අයුරු ත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික සහ පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම, ද්විතීයික අධ්‍යාපනයේ කළමනාකරණ ධාරිතාව වර්ධනය කිරීම පිණිස ගුරු විදුහල්පතිවරුන් සඳහා අධ්‍යාපන අවස්ථා සලසා දීමේ වැඩපිළිවෙළ සාර්ථක ව ක්‍රියාවට නැංවෙන බව ද  අවධාරණය කළේ ය.

   දකුණු ආසියානු සංවර්ධන බැංකුව මේ වනවිට වැඩි ම ආධාර ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවට බව ත් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව ත්  අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළේ ය.

  ඉදිරියේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිවලට වැඩි වශයෙන් ආධාර ලබාදීමට අපේක්ෂා කරන බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසී ය.

  ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ චෙන් චෙන් (Mr.Chen Chen),   අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙ‍රේරා, ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ උට්සව් කුමාර් (M r. Utsav Kumar) යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments